අගමැතිවරයා විසින් විවිධ තැන්වල පවත්වනු ලබන කමිටු රැස්වීම් යනුවෙන් හදුන්වන සාකච්ජාවලට සහභාගී වීම සම්බන්ධයෙන් අද පැවැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝව සාකච්ජා කෙරී ඇති බව වාර්තා වේ.
එහිදී මන්ත්‍රීවරුන් රැසක්ම පෙන්වා දී ඇත්තේ මේ ආකාරයෙන් තැන්තැන්වල තබන කමිටු රැස්වීම්වලට සහභාගී වීම ගැටලුවක් බවත්, ඒවාට සහභාගී වීම සම්බන්ධයෙන් පක්ෂයෙන් තීන්දුවක් ගෙන නොමැති බවත්ය.
ඒ අනුව මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ පවත්වන නිල කමිටු රැස්වීම්වලට පමණක් සහභාගී වීමට පමණක් සමගි ජන බලවේගය අද දිනයේ තීන්දුවක් ගෙන ඇත.