• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ධීවරයොත් භීතියට පත්වෙලා මහ මුහුද කලඹන හොල්මන් නැව්…

January 17, 2022
in Exclusive, Mahawanshaya
A A
ධීවරයොත් භීතියට පත්වෙලා මහ මුහුද කලඹන හොල්මන් නැව්…

ඈත දියඹේ පෙනී නොපෙනී යන අබිරහස් නෞකා ගැන ඔබ අසා තිබේද? මීදුම් අතරින් එක්වරම මතුවී ස්වල්ප මොහොතකට පසු අතුරුදන් වන එවැනි නෞකා ගැන ඉතිහාසයේ පටන් මේ දක්වාම නාවිකයන්ගෙන් තොරතුරු ලැබේ. එවැනි නෞකා ඇසින් දුටු නාවිකයන් පවසා සිටින්නේ එම නැව් සැබෑ නෞකා ලෙසින්ම දිස් වූ බවයි. නමුත් ඒ සියල්ලන් පුදුමයට පත්කරමින් එම නෞකා එකවරම අතුරුදන්වී ඇත. මෙහි ඇති අබිරහස් බව හේතු කොට ගෙන එම නෞකා ‘භූත නැව්’ ලෙස හැඳින්වීමට නාවිකයෝ පෙලඹී සිටිති. සාමාන්‍ය ජනයා අතර එතරම් ප්‍රචලිතව නැතත් නාවික ප්‍රජාව අතර මේ ‘භූත නැව්’ ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වී හමාරය.

චිලෝටා ප්‍රදේශයේ පවතින ජනප්‍රවාදයකට අනුව සැමදා රාත්‍රියෙහි චිලෝයි දූපත් අසලට පැමිණෙන අබිරහස් නෞකාවක් ඇත. එම ප්‍රදේශයේ ජනතාව පවසන පරිදි එම නෞකාව මීට බොහෝ කලකට පෙර මුහුදුබත් වූවකි. නෞකාව දර්ශනය වන විට නැවේ සිට ගිලී මියගිය මිනිසුන්ගේ භූතාත්මද ඒ සමග දර්ශනය වන බව පැවැසේ. නෞකාව හැම විටම සාදවල වැයෙන සංගීත රාවයෙන්ද, සිනා හඬින්ද පිරී ඉතිරී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. කෙසේ නමුත් එලෙස මෙම නෞකාව දර්ශනය වන්නේ සුළු වේලාවකට පමණි. සුළු වේලාවකින් නෞකාව අතුරුදන් වේ. සමහරුන් පවසන්නේ නෞකාව නැවැත මුහුදු පත්ලට යන බවය. කෙසේ නමුත් මේ සිදුවීම අදටත් අබිරහසක් බව පැවැසේ.

වර්ෂ 1906දී තවත් මෙවැනි පුවතක් වාර්තාවී ඇත. එස්.එස්. වැලන්සියා නම් නෞකාව වර්ෂ 1906දී මුහුදුබත් වී ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන් මෙන්ඩොසිනො නමැති තුඩුව ආසන්නයේදීය. මෙහිදී මගීහු සැම දෙනාම පාහේ ජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් ජීවිතය බේරාගැනීමට සමත් වූහ. නමුත් එක් පුද්ගලයෙක් අතුරුදන් විය. එයින් පසු බොහෝ මසුන් මරන්නන් පවසා සිටියේ එක් මිනිස් ඇටසැකිල්ලක් සහිත ‘භූත නෞකාවක්’ ඔවුන් දුටු බවයි. මෙම නෞකාවද දර්ශනය වී සුළු මොහොතකින් එකවර අතුරුදන් වීම විශේෂත්වයකි. ‘වැලන්සියා’ නෞකාව මුහුදුබත් වී බොහෝ වසර ගණනාවකට පසුවද මෙම අබිරහස් ඇටසැකිල්ල සහිත නෞකාව දර්ශනය වීම විශේෂත්වයකි. පෙර සිදුවීමේ පරිදිම මේ නෞකාවේ අබිරහසද මෙතෙක් විසඳී නැත.

1926 වර්ෂයේ නිපදවන ලද බෙෂිමෝ නම් නෞකාව 1931දී ඇලස්කාව ආසන්නයේ අයිස් කන්දක සිරවිණි. නෞකාව ගලවා ගැනීමට කිසිම මඟක් නොවූ හෙයින් එය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගැනීමට හිමිකරුවන්ට සිදුවිය. නමුත් පුදුමයට මෙන් එයින් වසර 38ක් ගතවන තුරුත් මෙම නෞකාව වරින්වර විවිධ පුද්ගලයන්ට දර්ශනය වී ඇත. ඒ ඇලස්කාව ආසන්න මුහුදු තීරයේය. ඔවුන් දැක තිබුණේ අරමුණක් රහිතව ගමන් කරන නෞකාවය. කෙසේ වෙතත් 1969න් පසු නෞකාව දර්ශනය වීම සම්පූර්ණයෙන් නතර වී ඇත. තවත් මෙවැනි කුතුහලය දනවන පුවතක් වාර්තා වී ඇත්තේ 1748දීය. වර්ෂ 1748 පෙම්වතුන්ගේ දිනයට පෙරදා ‘ලොවිබොන්ඩ් ආර්යාව’ නමැති නෞකාවේ නැව්පතියාගේ විවාහ සංවත්සරය සැමරිණි. නැව් කපිතාන්ගේ බිරියට කපිතාන්ගේ යහළුවාද ප්‍රේම කළ බව සඳහන් වේ. මේ තුන්කොන් ආදරය හේතුවෙන් කපිතාන්ගේ යහළුවා නැව හිතාමතා මුහුදුබත් කළ බව කියැවේ. මේ හේතුවෙන් නැවේ සිටි සියල්ලෝම මරණයට පත්වූහ. එයින් පසු සෑම වසර 50කට වරක් මේ නැව නැවත දර්ශනය වූ බව සඳහන් වේ. වර්ෂ 1798, 1848, 1898, 1948 යන වර්ෂවලදී එසේ නෞකාව දර්ශනය වී ඇත. මෙම නැව දර්ශනය වූ සමහර වාරවලදී අනතුරට පත් වූ නැවක් යැයි සිතා සමහර නෞකා ජීවිතාරක්ෂක බෝට්ටු පවා ඒ වෙත යවා තිබිණි. නමුත් සුළු මොහොතකින් නැව එකවරම අතුරුදන් වී ඇත. මෙම සිදුවීම අදටද ඉතිහාසය කලඹන්නක් වී ඇත.

‘ෆලයිං ඩච්මන්’ නම් නෞකාවද මේ අන්දමින් වාර්තා පොතට එක් වූවකි. එය පාදක කොට ගනිමින් චිත්‍ර, නවකතා, ඔපෙරා, චිත්‍රපට යනාදිය පවා බිහි වී ඇත. නැගෙනහිර ඉන්දියාව වෙත යාත්‍රා කළ මේ නෞකාව අයහපත් කාලගුණයට හසුවිය. නැව් කපිතාන්වරයා ගුඩ්හෝස් තුඩුව පසුකර නැව ඉදිරියට ධාවනය කරවීමට හැකි හැම උත්සාහයක්ම දැරුවද අසාර්ථක විය. අවසානයේ නැව මුහුදුබත් විය. එදා සිට අද දක්වාම සිය ගණන් ධීවරයන්ට මෙම නෞකාව තම නොනවතින ගමන ගමන් කරන අයුරු දර්ශනය වී ඇත. විශේෂත්වය වන්නේ දර්ශනය වී සුළු මොහොතකින් නැව අතුරුදන් වීමයි. ඉතිහාසයේ සිට මේ දක්වා මෙලෙස අබිරහස් ලෙස දර්ශනය වන නෞකාවන්හි රහස මෙතෙක් හෙළිකර ගැනීමට කිසිවෙක් සමත් වී නැත.

ඒ.එම්. අයේෂා සංදීපනී අධිකාරි
(අන්තර්ජාල උපුටා ගැනීමක්.)

Share81Tweet51SendShare20
Previous Post

ඩුබායිවල හැංගිලා හිටපු එතනෝල් ජාවාරම්කාරයෙක්ව රාජ්‍ය ඇමැතියි මන්ත්‍රියි එකතු වෙලා කටුනායක VVIP පර්යන්තයෙන් ‌හොරෙන් අරන් ඇවිත්! ජනාධිපතිට යකා නැගලා!

Next Post

උතුරු පළාතේ සමාජ ආර්ථික සංවර්ධනයට ඇසට්ලයින් ලීසිං අතහිත…

MORE NEWS

පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!
Exclusive

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)
Exclusive

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!
Exclusive

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!
Exclusive

ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!

May 24, 2022
දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!
Exclusive

දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!

May 24, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!
Exclusive

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව...

Read more
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!

ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!

May 24, 2022
දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!

දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net