ගෑස් මාෆියාව සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ලිට්‍රො සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ලිපියක් මගින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
වත්මන් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ඊයේ (05) ගෑස් මාෆියාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබුණි.
ඒ මහතා චෝදනා කර සිටියේ ගෑස් ගිවිසුම හරහා කෝටි 1000ක වංචාවක් සිදුව ඇති බවකි.
හිටපු සභාපතිවරයා පරීක්ෂණයක් ඉල්ලා තිබුණේ ඉන් හෙළි කළ කරුණු සම්බන්ධයෙනි.