ඉදිරි දින කිහිපයේදීත් ප්‍රවේශමෙන් ගෑස් ලිප් පාවිච්චි කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
දැනට පියවරෙන් පියවර ගෑස්වල ප්‍රමිතිය තහවුරු කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවද ඒ මහතා කීය.
දැනට ආරක්ෂිත ගෑස් තොග ගෙන්වමින් පවතින බවත්, අනාරක්ෂිත ගෑස් නිකුත් කිරීම දැනට අත්හිටුවා ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.