මහබැංකු හොරුන්ට දඩුවම් දෙන බව කියමින් බලයට ආ ආණ්ඩුව අද වන විට අර්ජුුුන් මහේන්ද්‍රන් මහතාට විශ්‍රාම වැටුප් ගෙවීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ කබ්රාල් මහතා විසින් විශ්‍රාම වැටුප් ලබා ගැනීමට ඉදිරිපත් කොට ඇති යෝජනාව හරහා අර්ජුන් මහේන්ද්‍රන් මහතාටද විශ්‍රාම වැටුප් හිමි වන බවත්, එය දේශද්‍රෝහී කටයුත්තක් බවත්ය.