ගැබිනි මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති (Folic acid tablets BP1mg) මිලියන 552,452ක ප්‍රමාණයක් අදාළ තත්ත්ව පරීක්ෂණ අසමත් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කරන ලෙස දැනුම් දුන්නද, ඒවා රෝගීන්ට ලබාදී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරිපත් කළ නවතම වාර්තාවෙන් අනාවරණ වී තිබේ..
වාර්තාවට අනුව රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඒ සඳහා වැයකර ඇති අතර, එම ඖෂධ මිලදී ගෙන ඇත්තේ 2013, 2014 සහ 2015 යන වර්ෂ සඳහායි.
මේ අතර රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න වටිනා එන්නත් තොගයක් තත්ත්ව පරීක්ෂණ අසමත්වීම හේතුවෙන් භාවිතය අත්හිටුවන ලෙසට 2016 වර්ෂයේදී චක්‍රලේඛය නිකුත් කරන විටද එහි ජීව කාලය අවසන්වී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනාවරණ කරගෙන ඇත.
කෙසේ වෙතත් එම එන්නත්වලින් 99%ක් ඒ වන විටත් භාවිතයට ගෙන ඇති බවද කාරකසභාවේදී අනාවරණ විය.
කෝපා කාරක සභාවේ දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් පැවසුවේ ඖෂධය ලැබුණු වහාම තත්වයෙන් අසමත් බව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අයකරගැනීමට හැකියාව ලැබෙන බවයි.