ගංජා නීතිගත කළ යුතු බවට මතුව ඇති කතාබහ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා තම සංගමය විසින් කමිටුවක් පත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙරටට විදේශ විනිමය ගෙන ඒම ගංජා අපනයනය කළ හැකි බවටත් ඇතැමුන් පැවසීම සම්බන්ධයෙන් තම විධායක කමිටුවේ දී සාකච්ඡා වූ බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එම විද්වත් කමිටුවක් මගින් දෙන ලද තීන්දුව අනුව රටේ ජනතාවගේ සෞඛ්‍යයට හොඳම තීන්දුව සහ රටට හොඳම තීන්දුවක් සංගමය විසින් ප්‍රකාශයට පත්කරන බවත් ඔහු පැවසීය.
එම සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුකදී ඔහු මේ බව කියා සිටියේය.