ජනාධිපතිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ”එක රටක් – එක නීතියක්” සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙන අතර, එහි ප‍්‍රධානත්වයට බොදු බලසේනා සංවිධානයේ නායක හිමියන් වන ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පත්කර තිබේ.
එක රටක් – එක නීතියක් වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සංඛ්‍යාව 13 කි.
මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී තිබෙන ප‍්‍රධාන වගකීම් දෙකකි.
ඉන් පළමුවැන්න වන්නේ, රට තුළ, එක රටක් – එක නීතියක් යන සංකල්පය කි‍්‍රයාත්මක කිරීම පිළිබදව අධ්‍යයනය කිරීමයි.
දෙවැන්න වන්නේ, ඒ සදහා අවශ්‍ය පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම සහ දැනට සකස්කොට තිබෙන පනත් කෙටුම්පත් පිළිබදව අධ්‍යයනය කිරීම සහ සංශෝධන ඉදිරිපත් කිරීමයි.
2022 වසරේ පෙබරවාරි 28 වන දාට පෙර අවසන් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ වගකීම ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී තිබේ.
