වයඹ උපකුලපති ධූරයට මහාචාර්ය එච්.එම්.ඒ. හේරත් මහතා පත් කර ලෙස ඉල්ලා ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපි යොමු කොට ඇත.
ඒ අනුව සනත් නිශාන්ත, ඩී.බී. හේරත්, ඩී.වයි.ජේ. රත්නසේකර, නාලක බණ්ඩාර කෝට්ටගොඩ, සමන්ප්‍රිය හේරත් යන මැතිඇමැතිවරුන් මෙසේ ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කොට තිබේ.
මීට අමතරව වියත් මග සංවිධානය මගින්ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් හේරත් මහතා එම තනතුරට පත්කරන ලෙස ඉල්ලා ඇත.