තමන් පක්ෂ 11ක සමුලුවට සහභාගී වූ බව කියමින් ආණ්ඩුවේ ඇතැමුන් තමන්ට පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ජාවන්ට සහභාගී වීමට ඉඩ නොදෙන බව කියා ඇති බවත්, තමන් වැඩ කරන්නේ හෘදය සාක්ෂියට අනුව බවත් ආණ්ඩුවේ මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලේවත්ත මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.