ලාෆ්ස් ගෑස් සමාගම දැවැන්ත ලෙස පාඩු ලැබීමත් සමග එහි ආයෝජනය කර ඇති සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලද දැවැන්ත අලාභයක් අත්විදිමින් සිටින බව වාර්තා වේ.
සේවක අර්ථසාධක අරමුදලට ලාෆ්ස් ගෑස් සමාගමේ 17.28%ක කොටස් හිමිකාරත්වයක් පවතින අතර සමාගම් අභ්‍යන්තරයේ ජන්දය භාවිත කිරීමේ හිමිකමද ඇත.
සේවක භාරකාර අරමුදලට ඇත්තේ ලාෆ්ස් සමාගමේ 0.06%ක කොටස් හිමිකමකි.
කෙසේවෙතත් පසුගිය කාලය පුරා ලාෆ්ස් සමාගම ලැබූ දැවැන්ත පාඩුව හේතුවෙන් මෙම ආයතන දෙකටද අලාභයක් සිදුව ඇති බව වාර්තා වේ.