උතුරු නැගෙනහිර නියෝජනය කරන ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ 7ක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ සාකච්ජාව අවසන් මොහොතේ අවලංගු කර ඇති බව වාර්තා වේ.
භාග්ලේ මහතා හට හදිසියේම ඉන්දියාවෙන් කැඳවීමක් ලැබී තිබීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව සාකච්ජාවට පැයකටත් අඩු කාලයක් තිබියදී අදාළ සාකච්ජාව අත්හිටුවීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාල පියවර ගෙන ඇති බව පැවසේ.
කෙසේවෙතත් ඉන්දීය සංචාරය නිමා කොට භාග්ලේ මහතා යළි ලංකාවට පැමිණි පසු අදාළ සාකච්ජාව සදහා යළි දින නියම කිරීමට ඉන්දීය තානාපති කාර්යාලය සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.