කොරෝනා පැතිරෙන්නේ උද්ඝෝෂකයින් නිසා නම් ඇමතිවරුන්ට කොරෝනා හැදුනේ කෙලෙසදැයි තමන් ප්‍රශ්න කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකතුමා මේ බව විමසා සිටියේ තිස්සමහාරාමයේ අද (07) පැවති වැඩසටහනකට එක් වෙමිනි.
ආණ්ඩුවේ වසරක ශේෂපත්‍රය තුළ ඇත්තේ අසාර්ථකත්වය ,නොහැකියාවසහ ජීවිත අනතුරට දැමීම පමණක් බවද ඒ මහතා පැවසීය.
විපක්ෂ නායකයා ලෙස තමන් ලබාගත් එන්නත කුමක්දැයි ආණ්ඩුවේ ඇතැමුන්ට ප්‍රශ්නයක් මතු වී ඇති අතර, ඒ කිසිවෙකුට තමන්ගේ නායකයෝ ගත්ත එන්නත කුමක්දැයි, ගත්තේ කවදාදැයි කියා අසන්නට ශක්තියක් නැති වීම ගැන කනගාටු වනවායයි ද විපක්ෂ නායකතුමා පැවසීය.