මාරාන්තික කොරෝනා වයිරසය ආසාධනය වූ පළමු රෝගියා අයි.ඩී.එච්. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින බව මේ වනවිට තහවුරු වී ඇත.
ඇය 43 හැවිරිදි චීන කාන්තාවක වන අතර කණ්ඩායමක් ලෙස ලංකාවේ සංචාරය කර ඇති බව කියවේ. ඇය සමග සිටි අනෙක් පිරිස මේ වනවිට චීනය බලා පිටත්ව ගොස් ඇති අතර මෙම කාන්තාවට පමණක් රෝග ලක්ෂණ පහළ වී ඇති බව කියවේ.
කොරෝනා වයිරසය සදහා මෙතෙක් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැති බැවින් රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලය පමණක් නොව ප්‍රදේශවාසීන්ද බියට පත්ව සිටින බව දැනගන්නට ඇත.
කොරෝනා වෛරසය පිළිබඳ දැනුම්වත් වීමත් සමඟ ඇතැමුන් මුඛ ආවරණ පැළඳගෙන කොළඹ නගරයට පැමිණ සිටි අයුරුද දැකගක්කට ලැබිණ.