• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

උතුරෙ මිනිස්සු තිස් දෙවසරක් උහුලපු ගින්දර දකුණට අවුරුද්දක් උහුලන්න වුණොත්…

June 5, 2022
in Exclusive
A A
උතුරෙ මිනිස්සු තිස් දෙවසරක් උහුලපු ගින්දර දකුණට අවුරුද්දක් උහුලන්න වුණොත්…

උතුරෙ – කරන්ට් එක ඇහැට දැකලා නෑ, තෙල් වර්ග මොනවත් නෑ, කෑම බීම නැත්තටම නෑ, බේත් කොහෙවත්ම නෑ…

දකුණෙ – කරන්ට් එක පැය කීපයක් නෑ, තෙල් එනවා හැබැයි පෝලිම, කෑම බීම හුඟාක් හිගයි, බේත් සමහර වර්ග නෑ…

මේ ලිපිය ලියන්නේ කතන්දර දෙකක් එක හා සමග ගළපන්නටය. එකක් උතුරේ කතන්දරයයි. අනෙක දකුණේ කතන්දරයයි. උතුරේ කතන්දරයට වඩා දකුණේ කතන්දරය අලුත් නිසා මා එය මුලින් ලියා තබමි. බොහෝ විට මව්රට කියවන්නෝ දකුණුවාසියෝ වන නිසාත්, උතුරේ අය අපේ පත්තර කියවන්නට ඇති ඉඩ ඉතාම අඩු නිසාත් අපිත් දකුණේ නිසාත් මේ දකුණේ කතාව මුලින් ලියා තබන්නට මට යම් වගකීමක් සහ හැකියාවක් තිබේ. අනෙක් කාරණාව වන්නේ දකුණේ කතාව වර්තමාන කතාවයි. දකුණේ මිනිස්සු මේ ජීවිතයේ ගත කරන්නේ ඉතාම දුෂ්කර සමයක් බව විශ්වාස කරති. කෑම බීම, සෞඛ්‍ය පහසුකම් ඇතුළු බොහෝ දේ දකුණේ මිනිස්සුන්ට අහිමි වී යමින් තිබේ. ගෑස් ටික ලබාගන්නට මිනිස්සු පෝලිම්වල පොරකද්දී ගහබැන ගනිද්දී, පාරවල් වසති. සටන්වදිති. පොලිසියට හමුදාවට ඒවාට මැදිහත් වෙන්නට සිදුවෙන්න තරමට ගෑස් ප්‍රශ්න උඩුදුවයි. ගෑස් ප්‍රශ්න නිසා පීඩිත මිනිස්සු කෑගසා කියන්නේ අපිට කන්න නෑ යකෝ කියාය. කන්න නැතැයි කියන විට කන්න දෙන්නට තරම් මෙදා අපේ ආණ්ඩුවට ශක්තියක් නැත. ඒ වගේම මිනිස්සු කන්න නැතැයි කී විට හිත කම්පා කරවා ගන්නට තරම් මේ ආණ්ඩුව බොළඳ නැත. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආණ්ඩු කරන්නවුන්ට අනෙක් මිනිසුන්ගේ කුසගිනි වේදනාව දුක ගැන දැනෙන්නට තරම් ඒ මිනිසුන් මනුස්සකමෙන් පොහොසත්ද නැත.

ගෑස් ප්‍රශ්නයට වඩා දරුණුවට දැනෙමින් තිබෙන්නේ තෙල් ප්‍රශ්නයයි. තෙල් ප්‍රශ්නය මේ මොහොතේද නිරාකරණිත යැයි තැන් තැන්වල සටහන් තැබුණද එය නොයෙක් නොයෙක් ආකාරයෙන් මතුව එමින් තිබේ. විටෙක පෙට්‍රල්ද, විටෙක ඩීසල්ද හිඟ වෙයි. පෙට්‍රල් පෝලිම්වලට වඩා ඩීසල් පෝලිම් කෙටි වෙද්දී ඩීසල් පෝලිම් නිම වෙද්දී, පෙට්‍රල් පෝලිම් මතුව එයි. පෙට්‍රල් පෝලිම් නිම වෙද්දී ඩීසල් පෝලිම් මතුව එයි. 95 පෙට්‍රල් ඕසෙට ඇතැයි කී ආණ්ඩුව දැන් කියන්නේ 95 නැත්තටම නැතැයි කියාය. පාරවල යනෙන මිනිසුන් අන්ත අසරණව හිඳියි. තෙල් ටිකක් ගහගන්නට පැය 26ක් පෝලිමේ සිටි මිතුරෝ මට සිටිති. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නවලින් පීඩිත සාමාන්‍ය ජනතාවට හිතෙන්නට පටන්ගෙන ඇත්තේ මේ තරම් කාලකණ්ණි කාලයක ඉපදුණු එක මොන තරම් අභාග්‍යයක්දැයි කියාය. එය ඔවුන්ට පමණක් නොව ලියන මටද දැනෙමින් තිබෙන කාරණයකි. බෙහෙතක් හේතක් හොයාගන්නට ඔසුසලට ගිය විට එය නැතැයි කීමත්, සමහර විට රුපියල් 100ට 200ට ගත් බෙහෙත පස් හය ගුණයකින් මිල වැඩිවී දරාගන්නට බැරි තැනට පත්වීමත් මේ දිනවල සුලබ කරුණකි. එපමණකුදු නොව, බොහෝ රෝගීන්ට අවශ්‍ය කරන බෙහෙත් ශ්‍රී ලංකාවේ නැති බව තැන් තැන්වල දක්නට ලැබෙයි. පිළිකා රෝගීන්ට විශේෂයෙන්ම අවශ්‍ය බෙහෙත් නැතිව යෑම නිසා ඔවුන් බරපතළ පීඩාවකට පත්ව ඇති බව ලියුම්කරු බොහෝ තැන්වල දැක තිබේ. මේ සියල්ල අපි දරාගෙන ඉවසාගෙන සිටිය යුතුය. එසේම එක දිනෙක පැය 15ක විදුලි කප්පාදුවක සිට අඩු වැඩි වෙමින් විදුලි කප්පාදුව තවමත් සිදුවෙයි. කිසිවෙකුට ඊට මැදිහත් විය නොහැකි තැනක ඇති වගට සාක්ෂි ලැබෙමින් තිබේ. විදුලිය කප්පාදුව නිසා ව්‍යාපාර කඩාවැටී සුනු විසුනු වී තිබේ. අපට කරන්ට් එක නැතුව කිසි දෙයක් කරගන්න බෑ. මිනිස්සු කෑගසා කියන්නේ ඒ කතාවය. පොඩි උන්ට නිදාගන්න බෑ. සමහර ගෙවල්වල ෆෑන් එක, ඒ.සී. එක නැතුව ළමයි නිදාගන්නෙ නෑ. මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නට පාලකයෝ අපොහොසත්ය. ඉතින් දකුණ ගිනිගෙන දැවෙමින් තිබේ. දකුණේ මිනිසුන්ගේ හිත් පීඩාවෙන් මිරිකෙමින් තිබේ. අපේ ජීවිතවලට මීට වඩා අවාසනාවක් නැතැයි ඔවුන් සිතයි. කන්නට බොන්නට දේවල් නැති වූ විට, බෙහෙත් ටික නැති වූ විට, පිටි කිලෝ එක නහුතෙට නැග්ග විට, කිරිපිටි ටික අත පොවන මානයෙන් එපිටට ගිය විට, හාල් ඉදිරි මාස දෙක තුනේදී නැත්තටම නැති වන බවට ඉඟි පළකරන විට, රුපියල් 1000ට 2000ට තිබුණු පොහොර මිටිය රුපියල් 40,000, 50,000 වන විට, එහෙමවත් මිලදී ගන්නට පොහොර නැති වන විට, කුඹුරු පාළු වන විට, මිනිසුන් ගෙල වැලලාගෙන මියයන විට එය අවාසනාවකැයි කියන මිනිසුන්ට චෝදනා කරන්නට හෝ ඒ මිනිසුන්ට පිස්සු යැයි කියන්නට මට කොන්දක් නැත. ඒ තරමටම මේ ප්‍රශ්නය දරුණුය.

නමුත් හිතවත් මිත්‍රවරුනි, මේ මාස 6 – 7 දරාගන්නට බැරි අපි උතුරේ මිනිසුන් ගැන කීවරක් හිතුවාද? සෙල්වකුට්ටි සෙල්වගනේෂ් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබිණි. ඔහු ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙක් ලෙස දැනට සේවය කරන යාපනයෙන් කොළඹ ආ වෛද්‍ය සිසුවෙකි. ඔහුගේ කතන්දරය ඉංග්‍රීසියෙන් ලියා තිබූ නිසා මම එය සිංහලයට පරිවර්තනය කර ඔබට කියමි. සෙල්වකුට්ටි කියන්නේ මෙහෙම කතාවකි.

‘මම උසස් පෙළ පන්තිවලට යද්දි මුරපොළවල් 21ක් පහුකරන්න සිදුවුණා. ඒ හැම තැනකදිම මගේ හැඳුනුම්පත ඉදිරිපත් කරන්න මට සිදුවුණා. මම බයිසිකලෙන් බැහැලා ඔවුන්ට සිංහලෙන් උත්තර දෙන්න ඕනෙ හැම වෙලාවකම. මම විදුලිය දැක්කෙ කොළඹ ආවට පස්සේ. මට තිබුණු ප්‍රශ්න ඔක්කොම මෙතැන ලියන්න බෑ. ඊට සාපේක්ෂව ගත්තොත් ඇත්තටම දැන් ප්‍රශ්නයක් නෑ….’ සෙල්වකුට්ටිලා එදා තිස් දෙවසරක් තිස්සේ ජීවිතේ විඳි ගැහැටවලින් අංශු මාත්‍රයක්වත් අප තවම අත්විඳ නැත.

ඕමන්තේ ජීවත්වන රත්නම් දරුණු නම් වූ එල්.ටී.ටී.ඊ. එකේ වෙද මහත්තයා යුද්ධයෙන් පසු දිනෙක මා සමග කී කතාවක් මේ ලිපියේ අමුණමි.

‘ඔයාලට ප්‍රශ්න කියලා ජාතියක් තියෙනද? තියෙනව නම් මම ඔයාලට දෙයක් කියන්නම්. අපිට තිබුණු ප්‍රශ්න ගැන ඔයාල දන්නෙ නෑ. ඇඳිවතක් වත් නැතුව අපි දුවගෙන ගිහිල්ලා තැන් තැන්වල ගාල්වුණා. අපිත් එක්ක හිටපු මිනිසුන්ගෙ ඔළුවලට ආටි වැදිලා බෙල්ල ගාවින් ගැළවිලා යන හැටි අපි බලාගෙන හිටියා.

සමහර දවස්වලට අපි විසිදෙනෙක් විතර එක තැනක වාඩි වෙනවා. හැබැයි නැගිටලා යන්නේ දහදෙනයි. ඉතුරු දහදෙනා මැරිලා. පවුලේ අම්මා තාත්තා දරුවො දෙතුන් දෙනා එක්ක ගෙදරින් පැනලා ගිහිල්ලා. අන්තිමට යුද්ධෙන් පස්සේ ගෙදර ආවෙ සමහර වෙලාවට පවුලෙ එක්කෙනයි. සමහර මිනිස්සු කවුරුවත් ගෙදර ආවෙ නෑ. ඒ නිසා ඔයාලට ප්‍රශ්න කියන ඒවා ගැන පාඩමක් ඉගෙන ගන්න ඕනෙ නම් අපෙන් ඉගෙනගන්න….’

රත්නම් දරුණු කී කතාවේ වැදගත්ම කොටස එය නොවේ.

‘මම මගෙ දුවලා පොඩි කාලෙ වතුර හොයන්න යනවා. අපිට වතුර බොන්න තිබුණෙ එක වළයි. ඒ, යුද්ධෙන් අපි ගෙවල් දොරවල් දාලා අවතැන් කඳවුරුවලට ගියාට පස්සේ. ඇත්තටම අවතැන් කඳවුරු කියලා ජාතියක් ඒ කාලෙ රජයෙන් හදලා තිබුණෙ නෑ. අපි හිටියෙ එල්.ටී.ටී.ඊ. සීමාවෙ. ඔළුවට උඩින් වෙඩි උණ්ඩ යනවා. ඒ අස්සේ මම ගියා වතුර හොයන්න. හැමදාම මේක කරන්න ඕනෙ. වතුර ටිකක් ගේන්න පොල් කට්ටක් අරගෙන ගියාම වතුර වළට මළමිනී වැටිලා. සමහර දවස්වලට එක වතුර වළේ මිනී 10-15 තියෙනවා. අපිට කරන්න දෙයක් නෑ. වෙන වතුර බොන්න තැනක් නෑ. මම කරන්නේ පොල් කට්ටෙන් වතුර ටිකක් අරගෙන ඒ වතුරෙ තියෙන මළ මිනී කෑලි, රොඩු වගේ දේවල් පොල් කට්ට යටට යනකන් ඉඳලා හෙමීට උඩ වතුර ටික බෝතලයකට පෙරාගන්න එක. එහෙම අරගෙන ඇවිල්ලා තවත් ටික වෙලාවක් ඒ වතුර පිරිසිදු වෙනකන් තියලා තමයි අපි දරුවන්ට බොන්න දුන්නේ. ඒ නිසා ඔයාලට ප්‍රශ්න කියන ඒවා නෑ. අපටයි ප්‍රශ්න තියෙන්නේ. අපියි ප්‍රශ්නවලට මුහුණ දුන්නේ.

රත්නම් දරුණු කියන ඒ කතන්දරය අතිශයෝක්තියක් නොවන බවට මම සාක්ෂි දෙමි. උතුර මට හුරුපුරුදුය. දකුණටත් වඩා උතුරේ මිනිසුන් මා සමග හිතෛෂීවන්තය. උතුරේ තල් රුප්පා යට ජීවිතය මා බොහෝ විට විඳ ඇත්තෙමි. උතුරේ ආදරය මා ජීවත් කරවයි. කොවිඩ් පැමිණ මේ බාධකය දමන්නට පෙර මම ඕනෑ තරම් උතුරට ගොස් තිබේ. උතුරේ මිනිසුන් සමග ඕනෑ තරම් හැන්දෑවන් ගතකර තිබේ. උතුරේ මිනිසුන්ගේ ආලින්දයේත්, මුළුතැන්ගෙදර මට හුරුපුරුදු සුවඳ තිබේ. ඒ මිනිසුන්ගේ ජීවිත අතර මා ඇවිද ගොස් තිබේ. ඒ නිසා මට මේ කතන්දරවලට ඔබට වගකිව හැකිය.

තවත් වරක් පලෙයිහි ඉන්නා ධර්මලිංගම් අංකල් මා සමග කී කතන්දරයක් තිබේ.

‘මහත්තයෝ මගේ මිරිස් ලොරි 13ක් 14ක් සාමාන්‍යයෙන් ඉස්සර එක පාරකට කොළඹ යනවා. හැබැයි පස්සේ යුද්ධෙ ඇවිල්ලා මට ලොරි ටිකත් නැති වුණා. මිරිසුත් නැතිවුණා. ඉඩකඩමුත් නැති වුණා. මම ඔක්කොම දාලා පිටරට ගියා. අපේ ජීවිත උඩුයටිකරු වුණේ ඔය කාලෙ. සමහර දවස්වලට එහෙනුත් ගහනවා මෙහෙනුත් ගහනවා. අපේ ගෙදර අපිට ගහලා අයිති කරගත්තේ එල්.ටී.ටී.ඊ. එකෙන්. අපේ ගෙදර තමයි එල්.ටී.ටී.ඊ. කාන්තා බළඇණිය පළමුවෙන්ම නතරවෙලා හිටියෙ. මෙතැන තමයි ඒක පටන් අරගත්තේ….’

ධර්මලිංගම් අංකල්ලාගේ ජීවිත උඩු යටිකුරු කොට කඩා බිඳදමා පන්නා දැමූ පසු ඔවුන් යළි ජීවිතය පටන් අරගෙන තිබේ. උතුරේ බොහෝ විට අවුරුදු 32න් වැඩි කාලයක් විදුලිය තිබුණේ නැත. උතුරේ මිනිසුන්ට භූමිතෙල් ලැබුණේ නැත. කුප්පි ලාම්පුවක් පත්තු කරගන්නට අවස්ථාව ලැබුණේ නැත. වරක් අප හිතවත් මාධ්‍යවේදී මාධව කුලසූරියගේ ඉරට්ටේ පෙරියකුලමේ නිවෙසට අප යන විට එහි සිටි අයෙක් අප සමග කී කතාවක් මට සිහිපත් වේ.

‘ඒ දවස්වල ඉපදිච්ච පුංචි ළමයි රෑට අඬන්නෙ නෑ. බල්ලො රෑට බුරන්නෙ නෑ, ඒක කොහොම පුරුදු වෙලාද කියන්න අපට දන්නෙ නෑ. මොකද රෑට ඇඬුවොත් කොටි දැනගන්නවා අපි ඉන්න තැන. බල්ලො බිරුවොත් වෙඩි තියලා මරනවා. ඒ නිසා මිනිස්සු පුදුම විදියට නිහඬව හිටියා. කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන…’ ඔහුගේ කතාව එයයි.

කුප්පි ලාම්පුවක් පත්තු කරගැනීමට නොහැකිව ජීවිත ගෙවපු මිනිසුන්ට අද විදුලිය විසන්ධි වීම ගැන අමුතු පාඩම් කියා දෙන්නට අවශ්‍ය නැත. පාන් පිටි ටිකක් ඇහැට දැක්ක නැති මිනිසුන්ට ඒ ජීවිතවල අගය ගැන කියා දෙන්නට අද හැකි නම් අපට ඔවුන්ගේ දේශනවලට සවන් දෙන්නට අවස්ථාව සලසා දිය යුතුය. ඒ තරමට ඔවුන් ජීවිතය ගොඩගසා ගත් ගැටගසාගත් මිනිසුන්ය. රත්නම් දරුණු එල්.ටී.ටී.ඊ. එකේ වෙද මහත්තයා වෙන්නේ දරුණු පාචන රෝගයකින් සරණාගතයන්ව සිටි අවතැන් මිනිසුන් එල්.ටී.ටී.ඊ. බිමේ සිටියදී ඔවුන්ට බෙහෙත් නැතිව යෑම නිසාය. රත්නම් දරුණු වරක් ඒ කතාව මා සමග කීවේය.

‘මහත්තයො අපට බේත් තිබුණෙ නෑ. දරුණු බඩේ අමාරුවක් හැදුණා. ළමයි මරණාසන්න වුණා. අපට කිව්වා බේත් හදන්න දන්න කෙනෙක් ඉන්නව නම් එන්න කියලා. මම සිංහල වෙද මහත්තයෙක් හින්දා, බේත් හදන්න දන්න හින්දා මං කිව්වා මට පුළුවන් කියලා. ඒත් මට අවශ්‍ය බේත් ටික හොයාගන්න තැනක් නෑ. පේන තෙක්මානෙ තිබුණේ වැල්ල. බේතක් හොයාගන්න පුළුවන් කැලයක් අහල පහළ නෑ. හැම තැනම බිම් බෝම්බ වළලලා. ඒත් මං ගාව තිබිච්ච බේත්වලින් හොයාගත්ත දේවල්වලින් සමහර ඒවා අඩුව තියෙද්දි බෙහෙත් හැදුවා. ඒ බේත්වලින් තමයි ළමයි ජීවත් කෙරෙව්වේ. සමහර එල්.ටී.ටී.ඊ. නායකයන්ටත් මට ඒ විදියට බේත් දෙන්න සිදුවුණා….’

මේ කතන්දරය කොයි තරම් ගැළපේද නොගැළපේද යන්න මා දන්නේ නැත. නමුත් රත්නම් දරුණු මා සමග කීවේ ඇත්ත කතාවකැයි මම විශ්වාස කරමි. ඔවුන්ට බෙහෙත් තිබුණේ නැත. බෙහෙත් ලැබුණේ නැත. බෙහෙත් නොලැබුණු නිසා මියගිය මිනිසුන් කීදෙනෙක් දැයි මා දන්නේ නැත. හිසට උඩින් වෙඩි උණ්ඩ පාව යන මිනිසුන්ට විදුලිය විසන්ධි කළ පසු දැනෙන වේදනාව අද අපිට විදුලිය විසන්ධි කළ පසු දැනෙන වේදනාවට වඩා විශාලය. ඔවුන්ට තෙල් තිබුණේ නැත. තෙල් තිබුණත් යන්න එන්න ඉඩකඩ තිබුණේ නැත. යන්තම් ෆුට් සයිකලයෙන් ආ ගිය මිනිස්සු අද ලෝකය ජයගෙන තිබේ. මේ වෛද්‍ය ශිෂ්‍යයාගේ කතාව එහෙම එකකිය.

මුරපොළවල් විසිඑකකින් බහිමින් පන්ති ගිය ඔහු අද වෛද්‍යවරයෙකි. රත්නම් දරුණුලා යම් හැකි ප්‍රමාණයකට තමන්ගේ ජීවිතය තනාගෙන තිබේ. ධර්මලිංගම් අංකල් උතුරෙන් යන 50කට 60කට හෝ දකුණෙන් යන 50කට 60කට හෝ තමාගේ තෙමහල් නිවෙසේ නවාතැන් දෙන්නට සූදානම්ය. හිතමිතුරනි, ඔබට අවශ්‍ය නම් ධර්මලිංගම් අංකල්ගේ නිවෙසේ නතර වෙන්නට මා අමතන්න. මා ඔබට අවශ්‍ය පහසුකම් සලසා දෙන්න සූදානම්ය. උතුරේ මිනිසුන් තමන්ගේ ගෙදර මොනවා හෝ වගා කරගන්න පුරුදු විය. කෙහෙල් ගහක් දෙකක්, වම්බටු පාත්තියක් දෙකක් නැති ගෙදරක් නැත. නඩුකාරයාද, නීතිඥයාද, වෛද්‍යවරයාද, ඉංජිනේරුවාද කවුද කියා වැදගත් නැත. ඔවුන් සියලු දෙනා උදේ වරුවේ පාන්දර 5ට විතර සිදුකරන්නේ මේ ගොවිතැන්වලට සාත්තු සප්පායම් කිරීමය.

නෙල්ලිඅඩිවල මාකට්ටුව අතිශය විශේෂ එකකි. මේ හැම ගෙදරකම ඉදෙන කෙහෙල් කැනක්, වම්බටු ටිකක්, එළවළුවක් වැනි මොනවා හෝ දෙයක් කඩපිලට පැමිණ අලෙවි වන්නේ එතැනය. ඒ මනිසුන් තමන්ගේ තරාතිරම කුමක් වුවද ජීවිතය තනාගත්තේ එලෙසය. පාන්දර හතර පහ වෙද්දී යාපනයේ මිනිස්සු ෆුට් සයිකල්වල නැගී තමන්ගේ ඉලක්ක වෙත ගියේය. දරුවෝ පන්ති ගියහ. ශිෂ්‍යයෝ පාසල් ගියහ. රැකියාවලට ගියහ. තෙල් නැතිකොට ඒ මිනිසුන් ෆුට් සයිකල්වලින් නැගිට්ටේය. විදුලිය නැතිකොට ඔවුන් කුප්පි ලාම්පු දල්වාගෙන පාරේ කොහේ හරි තැනක ඇති විදුලි පහන් කණුවක් යට ඉඳගෙන ලිපියකින් ඉගෙන ගෙන ජීවිත සරසා ගත්තේය. ඒ නිසා අඳුරට සාප කරමින් ඉන්නවා වෙනුවට ඔබ ඔබේ පහන් දල්වාගත යුතුය. එහෙම දල්වා ගන්නට තිස් දෙවසරක් රිදුණු තැවුණු සිත් ඇති මිනිසුන්ගේ ජීවිත ඔබ වටා සවියක් ශක්තියක්ව නැගෙනු ඇත. අවශ්‍ය නම් රත්නම් දරුණුලා අමතන්නට ඔබට ඉඩකඩ සකස් කර දිය හැකිය. ඔවුන් තමන්ගේ ජීවිත මෙතරම් පරිස්සම් කරගත් ආකාරය අරුමයකි. බේතක් හේතක් නැති පොතක් පතක් නැති කන්න බොන්න නැති පාන් පිටි නැති තෙල් නැති විදුලිය නැති ජීවිතය අපට අතිශය දුෂ්කර වුවද, ඒ දුෂ්කර ක්‍රියාව කළ මිනිසුන් හැබෑවටම බෝසතුන්ය. එහෙව් බෝසතුන්ගෙන් පාඩම් ඉගෙනගෙන ඔබට අපට අප ප්‍රාර්ථනා කරන නිර්වාණය උදා කරගත හැකි යැයි මම විශ්වාස කරමි. මේ, අරුමැසිවාදී ලෝකයේ තොරොම්බල් අතර අතරමං නොවී උතුරේ ශුෂ්ක පරිසරයේ තල් රුප්පා යට ජීවිතය ඔබට අලුත් ඉමක් කියාදෙනු ඇත. අදටත් කොට්ටකිලංගුවක් කමින් ඒ මිනිස්සු සමග කයියක් ගහනවා නම් අවතැන් වූ මිනිසුන්ගේ කතන්දර අතර අහිමි වූ ප්‍රේමවන්තයන්ගේ කතන්දර අතර ඈතින් එන පිච්ච මල් සුවඳ අතර පාද සළං හඬ අතර අයියර් කෙල්ලකුගේ ඇත් දළ පාට මුව මත පිපි මනෝරම්‍ය සිනහව අතර වේට්ටියක් ඇඳගත් දෙමළ නළුවකු වන් වූ රැවුල් කරකැවූ දෙමළ කොල්ලකුගේ අභිමානය අතර ඔබ අප සෙවූ මනුස්සකම හමුවනු ඇත. දකුණේ හිඳ මේ සියල්ලට සාප කරනවාට වඩා අප දැන් නැගිටින්නට පටන්ගත යුතුය. උතුරෙන් පාඩම් ඉගෙනගත යුතුය. උගත් පාඩම් කොමිසමේ කිසිවක් ක්‍රියාත්මක නොකළද, මේ පාඩම් උගත් පාඩම්වලට වඩා වටිනා බව සිහිතබා ගත යුතුය. ආදරණීය දෙමළ මිතුරනි, හිතවතුනි, ඉතින් අපි එක්ව නැගිටිමු. උදව් කරන්න. ඔබේ පාඩම ඔබට හිතෛෂී සිංහලයාට කියා දෙන්න. ඔබේ ආදරණීය මිත්‍රයාට ඔබ නැගී සිටි හැටි උගන්වන්න. අපි රටක් ලෙස නැගිටිමු. අත් අල්ලාගෙන උතුරත් දකුණත් වෙන් නොවුණු එකම මිනිස් වර්ගයක් ලෙස මේ දුෂ්කර කාලය ගතකරමු.

ජීවන පහන් තිළිණ

Share69Tweet43SendShare17
Previous Post

බැසිල් 21 ගැන කතා කරන්න මන්ත්‍රීවරු 14ක් එක්ක අගමැති හමුවෙයි! ජනපති දන්නෙත් නෑ! අගමැති දන්නෙත් නෑ! 21ට අයිතිකාරයෙක් නැති වෙයි! තීන්දුවක් නැතිවම රැස්වීම අවසන් වෙයි! EXCLUSIVE

Next Post

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මැරිලා! මොකද්ද මේ රටට වෙන්න යන්නේ!

MORE NEWS

අරගලයේ ඉන්නේ කුඩුකාරයෝ-තක්කඩිද? විමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට අරගල භූමියේ ඉන්න දමිතාගෙන් සැර උත්තරයක්! ජනාධිපතිතුමනි කරුණාකරලා ඉල්ලා අස්වෙන්න! ඔබතුමා සාර්ථක වෙනකම් ජනතාවට බලන් ඉන්න බෑ! (VIDEO)
Exclusive

අරගලයේ ඉන්නේ කුඩුකාරයෝ-තක්කඩිද? විමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට අරගල භූමියේ ඉන්න දමිතාගෙන් සැර උත්තරයක්! ජනාධිපතිතුමනි කරුණාකරලා ඉල්ලා අස්වෙන්න! ඔබතුමා සාර්ථක වෙනකම් ජනතාවට බලන් ඉන්න බෑ! (VIDEO)

June 25, 2022
වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)
Exclusive

ඊයේ දොස්තරලට-සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන හල් 84ක් වෙන් කළා කිව්වත් තෙල් තිබිලා නෑ! දොස්තරවරු දවසම මහපාරේ! සැත්කම් සියල්ල නවතී! අපි ජනපතිට අර්බූදය කිව්වේ මාර්තුවල! මාස 3ක් ගිහිනුත් උත්තරයක් දෙන්න බැරිවුණා! වෛද්‍ය සංගමයෙන් චෝදනා! (VIDEO)

June 25, 2022
සජිත් ප්‍රහාරය අරඹයි! මම හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්! අවුරුදු 20ක් හම්බන්තොට කට්ට කාලා දේශපාලනය කරලයි මෙතනට ආවේ! මහබැංකුව කොල්ලකාපු හොරු රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියලා! දැන් මහබැංකු මහ හොරුන්ට පුලුවන්ද මේවා අල්ලන්න! අපි බලන් ඉමු! (VIDEO)
Exclusive

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

June 25, 2022
සුමන්තිරනුයි කවිරත්නයි එක දවසින් පාර්ලිමේන්තුවේ ඩීල්කාරයෝ හෙළිකරපු හැටි රෙහාන් සුද්ද සිංහලෙන් කියයි! (VIDEO)
Exclusive

ජාති ආගම් පක්ෂ පාට බේද නැති ලංකාවේ ක්‍රිකට් අස්සට කැලණියේ නයි පෙන්නුවා ‌වගේ කහ පාට ෂර්ට් ගෙනල්ලා විනාශයක් කරන්න හැදුවෙ කව්ද? මෙන්න රෙහාන්ගෙ හෙළිදරව්ව! (VIDEO)

June 24, 2022
සංවේදී කාරණා නිසා ෆර්ඩිනැන්ඩෝ කෝප් එකට කියපු දේවල් අඩංගු වීඩියෝ එක එළියට දාන්නේ නැතිලු! මට ආරංචියි ලොකු මන්දිරවල දාපු ඩීල් මේකෙ තියෙනවා කිව්වා! ඒවා මිනිස්සු දැනගන්න ඕනේ! මේක යටගහන්න මම ඉඩදෙන්නේ නෑ! විපක්ෂනායක කෝප් එකට එරෙහිව යුද ප්‍රකාශ කරයි! (VIDEO)
Exclusive

නින්දිත පහත් විදිහට ක්‍රිකට් ජයග්‍රහණය පොහොට්ටුවේ කණ්ඩායමක් දේශපාලන ගේම් එකකට යොදාගන්නවා! කහ පාට ගේම් එකට විපක්ෂ නායකත් පහර දෙයි! (VIDEO)

June 24, 2022
ක්‍රිකට් අස්සෙ ගහන්න ගිය කහ මල් දේශපාලන ගේම පටන් ගත්ත හැටියේම පච වෙයි! පිපෙන්නෙ නැතිව පරවෙලාම යයි!
Exclusive

ක්‍රිකට් අස්සෙ ගහන්න ගිය කහ මල් දේශපාලන ගේම පටන් ගත්ත හැටියේම පච වෙයි! පිපෙන්නෙ නැතිව පරවෙලාම යයි!

June 24, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අරගල භූමියේ දැන් සිටින්නේ තක්කඩියන් කුඩුකාරයන් බවට විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අරගලයේ ඉන්නේ කුඩුකාරයෝ-තක්කඩිද? විමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට අරගල භූමියේ ඉන්න දමිතාගෙන් සැර උත්තරයක්! ජනාධිපතිතුමනි කරුණාකරලා ඉල්ලා අස්වෙන්න! ඔබතුමා සාර්ථක වෙනකම් ජනතාවට බලන් ඉන්න බෑ! (VIDEO)

අරගලයේ ඉන්නේ කුඩුකාරයෝ-තක්කඩිද? විමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට අරගල භූමියේ ඉන්න දමිතාගෙන් සැර උත්තරයක්! ජනාධිපතිතුමනි කරුණාකරලා ඉල්ලා අස්වෙන්න! ඔබතුමා සාර්ථක වෙනකම් ජනතාවට බලන් ඉන්න බෑ! (VIDEO)

June 25, 2022
වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)

ඊයේ දොස්තරලට-සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන හල් 84ක් වෙන් කළා කිව්වත් තෙල් තිබිලා නෑ! දොස්තරවරු දවසම මහපාරේ! සැත්කම් සියල්ල නවතී! අපි ජනපතිට අර්බූදය කිව්වේ මාර්තුවල! මාස 3ක් ගිහිනුත් උත්තරයක් දෙන්න බැරිවුණා! වෛද්‍ය සංගමයෙන් චෝදනා! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net