අද ජනපති මැදුරේ පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් තත්ත්වයක් ගෙන ඇත්තේ ඊට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සහභාගී වීමෙන් පසුව බව වාර්තා වේ.
රැස්වීම ආරම්භයේදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් පසුගිය දින කිහිපය පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිය නිවෙස්වලට සිදුව ඇති අලාභහානි සම්බන්ධයෙන් ඉතා හැගීම්බරව අදහස් පළ කොට ඇති බවක් දැනගන්නට ඇත.
එහිදී මන්ත්‍රීවරුන් ඍජුව චෝදනා කොට ඇත්තේ පොලිස්පතිවරයාටය.
ඒ අනුව වහාම රැස්වීමට පොලිස්පතිවරයා කැදවීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ඒ සමගම රැස්ව සිටි සියලුම මන්ත්‍රීවරුන් පාහේ පොලිස්පතිවරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කිරීමට පටන් ගෙන තිබේ.
ඇතැම් මන්ත්‍රීවරුන් අසභ්‍ය වචනයෙන් පවා මෙහිදී පොලිස්පතිවරයාට බැන වැදී ඇති බව පැවසේ.
කෙසේවෙතත් පොලිස්පතිවරයා තමන්ගේ පාර්ශ්වයෙන් පිළිතුරු ලබා දී ඇති අතර ජනාධිපතිවරයාද ඊට මැදිහත්ව අදහස් දක්වා ඇති බව දැනගන්නට තිබේ..
මීට අමතරව ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දක්වා ඇති අතර මන්ත්‍රීවරුන් සදහන් කොට ඇත්තේ ජනාධිපතිවරයා ගන්නා තීන්දුවේ තමන්ද සිටින බවකි.
රැස්වීම අවසන් වීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා සිටියේ අගහරුවාදා දිනයේදී 120ක බහුතර මන්ත්‍රී කණ්ඩායමක් පෙන්වීමට පක්ෂය සූූදානමින් සිටින බවකි.