• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Thursday, June 30, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

කැබිනට් එක සිග්නල් කණු කරලා මහ රෑ ගහපු කෙරවළපිටි ගිවිසුම වහා අකුළාගන්න!

September 23, 2021
in Exclusive
A A
කැබිනට් එක සිග්නල් කණු කරලා මහ රෑ ගහපු කෙරවළපිටි ගිවිසුම වහා අකුළාගන්න!

අමාත්‍ය මණ්ඩලයම සිග්නල් කණු බවට පත්කොට මහ රෑ සිදු කළ කෙරවලපිටි බලාගාරය විකිණීම වහාම හකුලා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට දැනුම් දී තිබේ.

එම නිවේදනය මෙසේය.

මැදියම් රැයේ මහා පාවාදීම හෙවත් කෙරවලපිටිය විකිණීම වහා හකුලා ගනු!

බලය ලබා ගැනීම උදෙසා මේ රටේ මහජනතාවට මැතිවරණයට පෙරාතුව ඉදිරිපත් කරන ලද දේශප්‍රේමී, දේශහිතෛෂී, ජනතාවාදී සියලුම පොරොන්දු සහ ප්‍රතිපත්ති අලුයම ලූ කෙළ පිඩක් සේ කුණු කූඩයට විසි කොට ඇති වර්තමාන ආණ්ඩුව ඊට සහමුලින්ම ප්‍රතිපක්ෂ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මුළු රටම මහත් ව්‍යසනයක් කරා තල්ලු කරගෙන යමින් සිටි. බිහිවූ දා සිටම මේ දක්වා සැලකිල්ලට ගත හැකි ජනතාවාදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් වත්මන් ආණ්ඩුව ඒ වෙනුවට ජන ජීවිත අවදානමට ලක් කොට ඇති අතර, රටේ සම්පත් සියල්ල මැදියම් රැයේදි පවා කුණු කොල්ලයට විකුණමින්, බලය ලබා ගැනීමට පෙර මවා පෙන්වූ සිය ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ද ඉවත් කරමින් සිටී.

පසුගියදා, zoom තාක්ෂණය හරහා මැදියම් රැයේ පවත්වන්නට යෙදුණු කැබිනට් රැස්වීමේ දී, අතිශය හිතුවක්කාරී ලෙසත්, හිතු මනාපයටත් කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය මේ රටට අහිමි කිරීමේ අන්තනෝමතික තීරණය ආණ්ඩුව විසින් ගෙන තිබේ.

 යුගදනවි යනු ඉදිරි දශකය තුළ මෙරට පිහිටි විශාලතම බලාගාරය වන අතර විදුලිබල මණ්ඩලය සමග ඇති ගිවිසුම් අනුව 2035 වර්ෂය වනවිට රාජ්‍ය සමාගම්වලට අයිතිව තිබෙන සියලු කොටස් එනම් යුගදනවි බලාගාරය පූර්ණ වශයෙන්ම විදුලිබල මණ්ඩලයට හිමිවන්නට නියමිතය. එහෙත් සිදුවෙමින් පවතින්නේ එතරම් විශාල බලාගාරයක් විදේශීය සමාගමකට පත් කිරීමට පිඹුරුපත් සැකසෙමින් තිබීමය.

ඒ අනුව යුගදනවි බලාගාරයේ වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම තහවුරු කොට තිබේ.

 එපමණක් නොව, කෙරවලපිටිය ඉදිකිරීම් ලබාදෙන අදාල සමාගමටම ගෑස් සැපයීමේ ව්‍යාපෘතිය ද ලබාදී තිබේ. මාසිකව හෝ වාර්ෂිකව අදාළ ගෑස් ටෙන්ඩර් මගින් ලබාගැනීමට හැකියාව තිබියදී එම ගෑස් සැපයීමේ අයිතිය වසර 05කට එම සමාගම වෙතට ම ලබා දී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරවය. ඒ අනුව, ටෙන්ඩර් කැඳවා තිබෙන පාවෙන ගෑස් ගබඩා සංකීර්ණය ඉදිකිරීම ද, නළ පද්ධතිය ඉදිකිරීම ද එම සමාගමට ම පවරා තිබේ. ඒ යුගදනවි බලාගාරයේ 40%ක කොටස් පැවරීමේ ගිවිසුම ද සමගය.

 ඉංජිනේරු සංගමය ඇතුලු සබුද්ධික පිරිස්වල අදහස් අනුව මෙහි 40% අයිතිය ලබා දීමටත් වඩා වැඩි බලපෑමක් එල්ලවන්නේ LNG සැපයුම ඔවුන් අත‌ට පත්වීම හරහා ය. රටේ මර්මස්ථානයක පාලනය විදෙස් සමාගමකට දීමෙන් රටේ බලශක්ති සුරක්‍ෂිතතාවය අනතුරකට ලක්වෙන අතර අනාගතයේ එම LNG සැපයුම අඩාල කිරීම තුළ රටේ බලශක්ති නිපදවීමට බලපෑම් කිරීමට මේ හරහා විදේශීය සමාගමකට හැකිවීම විශාල අවධානම් සහගත තත්ත්වය කි.

 ලොව කිසිම රටක්, ස්වාභාවික වායු සැපයීමේ ටෙන්ඩර සහ එයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ටෙන්ඩර ඒකාබද්ධව සිදු නොකරන අතර, එවැන්නක් සිදුවුවහොත් රටේ ජාතික ආරක්ෂාව බලශක්ති ආරක්ෂාව තහවුරු නොවන බව එම රටවල් දනී.

 මේ අවදානම නොතකා හැර මෙරට ආණ්ඩුව ගත් මෙම අන්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙන මෙරට බලශක්ති ආරක්ෂාව පමණක් නොව මුළු රටම සිය ග්‍රහණයට නතුකර ගැනීමේ හැකියාව ද ඔවුන්ට හිමි වනු ඇත. කෙසේ වෙතත් ආණ්ඩුව මේ බරපතල අනතුරද නොතකා හැර, මෙරට බලශක්ති ප්‍රතිපත්තියටද අනනුකූල ලෙස මෙම ගිවිසුම් අත්සන් කොට තිබේ.

 අනෙක් අතට, අදාළ යෝජනාව ප්‍රකාරව රටට අවශ්‍ය විදුලියෙන් සියයට 50ක් නිපදවීමේ ඒකාධිකාරය විදේශිය පුද්ගලික සමාගමකට ලැබේ. මීට පෙර ටෙන්ඩර් කැඳවා ඇගයීම් අවසන් කර තිබියදී එය අහෝසි කර මෙම සමාගමට දීමට හේතු මොනවාද යන්නත් මීට පෙර ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණේද විදේශ රටවල් නිසා මේ හරහා රාජ්‍ය තාන්ත්‍රික ගැටලු ද මතුවුවහොත් ඇතිවන තත්ත්වය පිලිබදවත් අපි ආණ්ඩුවෙන් පිලිතුරු බලාපොරොත්තු වෙමු.

හෙජින් ගිවිසුම තරම් මහා පාවාදීමක් මෙම ගිවිසුම හරහා සිදුවන අතර මෙවැනි පාවාදීමක් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට කිසිසේත්ම සිදුකළ නොහැකිය .

මෙවන් බරපතල ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරත්දීත් කැබිනට් මණ්ඩලය හුදෙක් සිග්නල් කනු බවට පත්ව සිටින අතර කිසිවෙක් මීට එරෙහිව වගකීම් සහගත මැදිහත්වීමක් නොකිරීම තුලින් ගම්‍ය වන්නේ ඔවුන් පත්ව සිටින තත්වය යි. එහෙත් ඒ කිසිවෙකුට මේ බරපතල පාවාදීමෙහි කොටස්කරුවන් වීමෙහි වරදෙන් මිදිය නොහැකිය.

භූමියෙන් කුඩා රටක බලශක්තියේ පාලනය සහ හිමිකම ලබාගන්නා පිටස්තර කවරෙකුට වුව රටේ පාලනය හැසිරවීමට බලයක් ලැබෙන බව වටහා ගැනීමට තරම්වත් ප්‍රබුද්ධ සිහියක් නැතිව සිහිමූර්ඡා වී සිටින ආණ්ඩුවට නොතේරෙන නමුත්, සමගි ජන බලවේගය ඇතුළු මෙරට සමස්ත ජනතාව ආණ්ඩුවේ මේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව කඳවුරු බඳින බව අවධාරණය කළ යුතුය.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

Share58Tweet36SendShare15
Previous Post

පැයකට රිපෝට් 500ක්! දිනකට 7000ක්! ලංකාවේ ‌ලොකුම PCR රසායනාගාරය ඇරෙයි!

Next Post

ඊයේ අනුර කියපු අලියෙක් ඉන්න මිරිහානේ එන්.ජී. රාජපක්ෂ කව්ද? අලියා ජනාධිපතිතුමාගේ බව වනජීවී ඇමැති පිළිගනී! (VIDEO)

MORE NEWS

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!
Exclusive

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

එදා ත්‍රස්ත සංවිධානයක් කියලා යකා නැටුවා! තහනම් කළා! හිරේ දාපු හිජාස්ටත් සල්ලි දුන්නා කිව්වා! එහෙම කරලා අන්න දැන් ‘කටාර් චැරිටි’ එකේ තහනම අයින් කරලා! කියන්නේ කටාර් ගිය ඇමැති කංචන!

මේ නායකයා මැද පෙරදිගින් උදව් ගන්නවා කීවාම එදා මේ අය හිනාවුණා! එදා කටාර් අරමුදලේ උත්සවයට ගියා කියලා ඥානසාර හිමි ත්‍රස්තවාදය ඇදලා අරන් ගැහුවා! තෙල් ගන්න ඔක්කොම රටවල් තරහ වුණා! අද ලැජ්ජාවක් නැතිව තෙල් ඇමැති කටාර් යනවා තෙල් ඉල්ලන්න! (VIDEO)

සජබෙ කොටුව ඉදිරිපිටට රැස්වෙයි! ගෝඨාට-රනිල්ට-ආණ්ඩුවට ‌එරෙහි විරෝධය ඇරඹෙයි! (VIDEO)

කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!
Exclusive

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම්...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper