ඉහළ යන උද්ධමනය හේතුවෙන් පීඩාවට පත් ඉන්දියාවේ දිළිඳු සහ මධ්‍යම පංතියේ වැසියන්ට සහන ලබා දීමේ අරමුණින් පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 9.5 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කරන බව ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත.
තව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයකට අනුව දිළිඳු පවුල්වල කාන්තාවන්ට ගෑස් සිලින්ඩර් ලබා දීමේ ‘උජ්වාලා යෝජනා ක්‍රමය’ ආරම්භ කර ඇති බව පැවැසෙයි.
‘උජ්වාලා යෝජනා ක්‍රමය’ යටතේ, ප්‍රතිලාභීන් ට වසරකට ගෑස් සිලින්ඩර් 12 ක් දක්වා ලැබෙනු ඇති අතර, එක් සිලින්ඩරයකට ඉන්දීය රුපියල් 200 ක සහනයක් ලබා දීමට රජය බලාපොරොත්තු වෙයි.
ඒ අනුව, මුම්බායි සහ දිල්ලි නගරවල කිලෝ ග්‍රෑම් 14.2 ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 1,003 ක් වන අතර ‘උජ්වාලා යෝජනා ක්‍රමයේ‘ ප්‍රතිලාභීන්ට ලැබෙන රුපියල් 200 ක සහනයක් යටතේ ඉන්දීය රුපියල් 803 ට ගෑස් සිලින්ඩර හිමි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරමන් පසුගිය 21 වැනි දා පෙට්‍රල් ලීටරයකට පනවා තිබූ බදු රුපියල් 8 කින් ද ඩීසල් ලීටරයකට පනවා තිබූ බදු රුපියල් 6 කින්ද අඩු කල බව නිවේදනය කර තිබේ.
ඒ හේතුවෙන් පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 9.5 කින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් ද අඩු වනු ඇතැයි පැවසුවාය.
ඒ අනුව, දිල්ලි නගරයේ පෙට්‍රල් ලීටරයක නව මිල ඉන්දීය රුපියල් 96.72 වනු ඇති බවත් ඩීසල් ලීටරයක නව මිල 89.62 වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.