ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 16,000 ක් කොළඹ වරායට ළඟා වී තිබේ.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අතර පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 7000 ක් හා සුදු කැකුළු මෙට්‍රික් ටොන් 2000 ක් වන බවයි.
එම සහල් අද සිට සතොස හා සමූපකාර අලෙවිසැල් වෙත බෙදා හැරෙනු ඇති.
ඒ අනුව පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 130 කටත් සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 110 ක මිලකටත් අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.
සහල් තොගයේ තවත් අධියරක් ඉදිරි සතිය ඇතුළත දිවයිනට ලැබීමට නියමත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.