වත්මන් ආණ්ඩුව බලයට එනවිට රටට ආදරයෙන් බිත්තිවල චිත්‍ර ඇඳපු තරුණයන් මේ වනවිට රටින් පිටවීම සදහා පාස්පෝට් ගන්නා පෝලිම්වල සිටින්නේද යන්න සොයා බැලිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කීය.
මෙම තරුණයන් චිත්‍ර ඇන්දේ අතේ වියදමින් බවත්, කිසිවෙකුත් ඊට ඇරයුම් නොකළ බවත්, ඔවුන්ගේ නම් පවා එම චිත්‍රවල පළ නොකළ බවත් අගමැතිවරයා කීය.
පක්ෂ දේශපාලනයෙන් මේ රට අවලස්සන වී ඇති බවත්, තරුණයන් තාප්පවල චිත්‍ර ඇද කිව්වේ මේ කැත දේශපාලනයෙන් රට අවලස්ස්න නොකරන ලෙස බවත් අගමැතිවරයා කීය.
මේ තරුණයන් පාස්පෝට් පෝලිම්වල සිටින්නේ නම් ඊට හේතුව සොයා බැලිය යුතු බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සංවත්සරයට එක්වෙමින් අමාත්‍යළුරයා මේ බව කියා සිටියේය.