රජය සහල් සදහා නියම කර තිබුණු පාලන මිල ඊයේ දිනයේ දී ඉවත් කර ගත්තේ ය. ඉන් පසුව, විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් වූ ඩඞ්ලි සිරිසේන ප‍්‍රමුඛ මහාපරිමාණ මෝල් හිමියෝ සහල් සදහ නව උපරිම සිල්ලර මිල ගණන් ප‍්‍රකාශයට පත් කර සිටියේ ය.
මෝල් හිමියන් ප‍්‍රකාශයට පත් කර එම මිල ගණන් ඉතාමත්ම අසාධාරණ බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
මෝල් හිමියන්ගේ ග‍්‍රහණයෙන් පාරිභෝගිකයා මුදා ගැනීම සදහා සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කටයුතු කර තිබෙන බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේ ය.
ඒ නමුත්, ද මෝර්නිං වෙබ් අඩවිය අද දිනයේ වාර්තා කර තිබෙන්නේ, සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ගෙන්වීමට රජය මේ දක්වා ඇනවුම් කර නැති බවයි.
සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ගෙන්වීමට ඇනැවුම් කර නැතිවා පමණක් නොව, එවැනි ඇණැවුමක් සිදු කිරීමට අපේක්ෂා කරන දිනයක් පිළිබදවත් මෙතෙක් රජයට අදහසක් නැති බවත්, ගෙන්වීමට අපේක්ෂා කරන්නේ කවර වර්ගයේ සහල්ද යන්නත් එම සහල් ගෙන්වන්නේ කවර රටකින් ද කියාවත් මේ දක්වා රජය තීරණය කර නැති බවත් ද මෝර්නිං වෙබ් අඩවිය වාර්තා කරයි.