• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, July 3, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අරගලය අල වෙලාද?

May 29, 2022
in Exclusive
A A
අරගලය අල වෙලාද?

අරගලය, මේ වචනය වැඩියෙන්ම කතාබහට ලක්වෙන්න පටන් අරගෙන දැන් දවස් 50කට ආසන්නයි. විශ්වාසයෙන්ම ඔබ මේ ලිපිය කියවන දවස වෙද්දී අරගලයට දවස් 50යි. හැබැයි අරගලයට ඇත්තටම දවස් 50ක් නෙවෙයි. අපේ රටේ විවිධ අරගල සිදුවුණා. සමහර අරගල විශාල වශයෙන් ව්‍යාප්ත වුණා. සමහර අරගල පෞද්ගලිකව තනි තනිවම සමහර අය දියත් කරපු අරගල. කොහොම නමුත් විවිධ අරගල, විවිධ සටන් නිසා ලැබුණු ජයග්‍රහණ, පරාජයන්, සැමරුම් මතක සටහන් මේ සියල්ල අප සතුයි. ඒ නිසා අරගලය ගැන කතා කරද්දී අපිට ගෝල්ෆේස් අරගලයට පමණක් ලඝු වෙලා, අරගලය කියන්නේ ගෝල්ෆේස් එකේ සිදුවෙන එක විතරක් කියලා කියන්න බෑ. ඒත් ඇත්තටම මේ ගෝල්ෆේස් අරගලය අද වෙනකොට තියෙන්නේ කොතැනද?

ලංකාවෙ මිනිස්සු විශාල ප්‍රමාණයක් ගෝල්ෆේස් අරගලයට විවිධාකාරයෙන් සහාය දක්වලා තියෙනවා. සමහර අය ඍජුව සම්බන්ධ වෙනවා. සමහර අය වක්‍රව සම්බන්ධ වෙනවා. සමහර අය ගෝල්ෆේස් අරගලයට සහභාගි වෙනවා. සමහරු කූඩාරමක් ගහගෙන ගෝල්ෆේස් එකේ නතරවෙලා ඉන්නවා. සමහර අය ගෝල්ෆේස් එකට කෑම අරගෙන යනවා. සමහර අය ඉඩක් ලැබුණු වෙලාවට ගෝල්ෆේස් එකට ගිහින් එන්න යනවා. විවිධාකාරයෙන් සහාය දක්වන අය ඉන්නවා. ඒ අතරෙ ඉන්නවා ගෝල්ෆේස් අරගලය වෙනුවෙන් තමන්ගෙ ජීවිතය වුණත් පූජා කරන්න කැමැති අය. තවත් සමහරු ඉන්නවා ගෝල්ෆේස් එකට පය නොගහපු නමුත්, තමන්ගෙ ගෙදරට වෙලා අඩුම තරමෙ ෆේස්බුක් එකෙන්වත් අරගලයට හැකි උපරිමයෙන් සහාය දක්වන අය. ඒ අතර ලංකාවෙ ඉන්නවා ගෝල්ෆේස් අරගලය බොරු වැඩක් කියලා කියන, ඒක සත පහක ප්‍රයෝජනයක් නැති වැඩක් කියලා කියන, ඒක මේ මොහොතේ අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි කියන පිරිසකුත්. ඒ අය මේ ක්‍රමයට කැමැති අය නෙවෙයි. මේ ක්‍රමයට අකැමැති නමුත්, ගෝල්ෆේස් අරගලයට අකැමැති අය. තවත් ඉන්නවා ක්‍රමයට කැමැති, මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට කැමැති, අරගලයට අකැමැති පිරිසක්. අපි දන්නවනෙ ගෝල්ෆේස් අරගලයට පහර දෙන්න ගියපු අයත් ඉන්නවනේ. අරගලකරුවන්ගෙ ඔළු පලපු අයත් ඉන්නවා. යකඩ පොල්ලක් අරගෙන ගිහින් අරගල භූමියෙ හිටපු අයට හතර අතේ පහරදීපු අයත් ඉන්නවනෙ. ඒ වගේම ගෝල්ෆේස් එකේ කූඩාරම් ගිනි තියපු විවිධ කණ්ඩායම් ඉන්නවනෙ. ඒ වගේම ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ වෘත්තිකයො ඉන්නවා. නීතිඥ වෘත්තිකයො, සාහිත්‍ය වෘත්තිකයො, ලියන කියන අය, හෙද හෙදියො, වෛද්‍යවරු, ගුරුවරු වගේ අය හිටියා. මේ විදියටත් ගෝල්ෆේස් අරගලය සවිමත් වුණා.

ඒ අතරතුරේ ගෝල්ෆේස් අරගලයට ආරක්ෂකයො හිටියා. භික්ෂුන්වහන්සේලා, කතෝලික පූජකවරු, හින්දු පූජකවරු, බැතිමතුන්, ඉස්ලාම් පූජකවරු වගේ සියලු දෙනා මේකට සහභාගි වුණා. මේ සියල්ල එක්කම ඔවුන්ගෙ ඉලක්කය වුණේ ඍජුව හෝ වක්‍රව අවසන් බලාපොරොත්තුව සුඛිතමුදිත රාජ්‍යයක්. සුඛිතමුදිත රාජ්‍යයක් කියන එකෙන් ඔවුන් අදහස් කරන්නේ ඇමෙරිකාවක් හෝ එංගලන්තයක් බවට ලංකාව පත්කිරීමවත්, ලංකාව සුරපුරයක් බවට පත්කිරීමවත් නෙවෙයි. කන්න, බොන්න, අඳින්න සහිත, තෙල් ගහන්න පෝලිම්වල ඉන්න අවශ්‍ය නැති, ගෑස් ටික හරියට කඩේට ගිහින් මිලට ගන්න පුළුවන්, මීට අවුරුද්දකට දෙකකට කලින් තිබිච්ච ලංකාව ආයෙත් අපට දෙන්න කියලා.

ගෝල්ෆේස් අරගලය කියලා කියන්නේ පරාජිත අරගලයක් කියලා කියන්න බෑ. ගෝල්ෆේස් අරගලය කියන්නේ යම්කිසි ජයග්‍රහණ ලැබූ අරගලයක්. ගෝල්ෆේස් අරගලකරුවන් ලැබූ ජයග්‍රහණ ගැන අපි කලින් ලිපි කිහිපයක්ම ලියුවා. ඒ නිසා මේ වතාවෙ ආයෙත් ඒ ජයග්‍රහණ ගැන ලියන්න අවශ්‍ය නෑ. ඒත්, ගෝල්ෆේස් අරගලයේ අවශ්‍යතාව වුණේ මොකක්ද? එක තැනක ගෝල්ෆේස් අරගලයේ තියෙන ඉතාම විශේෂ වැදගත් අවස්ථාවක් අපට හඳුන්වාදෙන්න පුළුවන්. ඒ අවස්ථාව තමයි මැයි 09 වැනිදා ගෝල්ෆේස් අරගලයට පහරදීම සහ ඉන් පසු මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීමේ සිට විශාල වශයෙන් ලංකාව පුරා සිදුවෙච්ච කලබලය. ඒ කලබලයට අදාළ බස් රථ ගිනිගත්තා, මනුෂ්‍ය ජීවිත නවයක් දහයක් අපට නැති වුණා. ඒ මනුෂ්‍ය ජීවිත ප්‍රමාණය ඊටත් වඩා වැඩියි කියලා අපි විශ්වාස කරනවා. මේ විදියට සිදුවෙච්ච අර්බුදය නිසා අරගලයට යම් කිසි ශක්තියක් එකතු වුණා වගේම රට ඇතුළේ අරගලකරුවන්ට කෙසේ වෙතත් ඉඩ සහාය දැක්වූ අයට විශාල අප්‍රසාදයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා.

මේ අප්‍රසාදයත් එක්ක දැන් නීතිමය මැදිහත්වීමක් තුළ පහරදුන්න අය, බස් රථවලට ගහපු අය, හෝටල්වලට පහර දුන්නු අය, නිවාස ගිනි තියපු අය අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. මේක ලේසි හෝ පහසු හෝ කාරණාවක් නොවන බවත් මතක තබාගත යුතුයි. පහරදීම නිසා මාස හයක පමණ සිර දඬුවමක් ලැබෙන්න නියමිත වුණාට, ගිනි තැබීම නිසා ඒ සිර දඬුවම අවුරුදු 15 සිට අවුරුදු 20 දක්වා බරපතළ වැඩ සහිත එකක් විය හැකි බව නීතිමය කාරණා දන්න අය කියන දෙයක්. එතකොට අරගලකරුවන්ගේ ජයග්‍රහණයක් විදියට මහින්ද රාජපක්ෂ සමුගෙන යනවා. ඔහුට සාමාන්‍ය පාරේ යන්න බැරි තැනට ප්‍රශ්නය දරුණු අතට හැරෙනවා. ඇත්තටම මහින්ද අරලියගහ මන්දිරයෙන් පැනලා යනවා. සමහරු අරලියගහ මන්දිරය ඇතුළේ හිරවෙනවා. දේශපාලකයන්ට කරකියා ගන්න දෙයක් නැතිව යනවා. මේ සියල්ල එක්ක අපට අවසාන වශයෙන් තේරිච්ච කාරණාව තමයි ඔය කියන තරම් සුමට, සුන්දර ජයග්‍රාහී මානසිකත්වයකින් මේක කෙළවර වුණාද, එහෙම නැත්නම් ජයග්‍රහණයක් යැයි අප සිතූ නමුත් ජයග්‍රහණයකට වඩා වෙනත් අමුතු දෙයක් සිදුවුණාද කියලත් වෙලාවකට හිතෙන තැනට රට පත්වෙලා තියෙනවා. ඒකට හේතුව කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම ජයග්‍රහණයක් වුණාට ආයෙත් ඒ අයම කැබිනට් මණ්ඩලයට පත්වෙනවා. නිවාස ගිනි තැබීම කිසිසේත්ම අපිත් අරගලකරුවනුත් අනුමත නොකළාට මේ ප්‍රශ්නයෙ තියෙන බරපතළකම නිර්මාණය වෙන්නේ ගෙවල් ගිනි තියපු අයට ආයෙත් ගෙවල් දෙන්න තීරණය කිරීම නිසා. මේ මොහොතේ සල්ලි නැතුව ඉන්නකොට ඒ සල්ලිවලින් ගෙවල් හදලා දෙන්න තීරණය කරනවා. වන්දි ගෙවන්න තීරණය කරනවා. පහරදුන්න අය අත්අඩංගුවට ගන්නවා. ඒ අතරවාරයේ දේශපාලන කෝන්තර තියෙන අයත් අත්අඩංගුවට ගන්න තැනට මේ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ අතර ගෝල්ෆේස් අරගලය ඇතුළේ නායකයො බිහිවෙන්න පටන් ගන්නවා. විවිධ යෝජනා චෝදනා එල්ල වෙන්න පටන් අරගන්නවා. විවිධ අදහස් මතුවෙන්න පටන් ගන්නවා. මේක අපේ අරගලය කියලා සමහරු කියනවා. සමහරු කියනවා නෑ මේක අපේ අරගලය කියලා. එක පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ඉවර වුණාට පස්සේ තවත් පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා කියනවා වෙන කාටවත් මේ ගැන කතා කරන්න අයිතියක් නෑ කියලා. අරගලකරුවන් නියෝජනය කරමින් ගිය දෙතුන් දෙනෙක් රජයේ රූපවාහිනී නාලිකාවලට ඇවිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වනවා සහ ඔවුන්ගේ අදහස ඉදිරිපත් කරනවා. විවිධ වැඩසටහන්වලට සහභාගි වෙනවා. මේ අයට අභියෝග කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා මේක ඇතුළේ පැවැත්වෙනවා. සමාජ ජාල ඇතුළේ විවිධ විචාර, චෝදනා එල්ල වෙනවා. අපි මේකෙ දවස් ගානක් හිටියා කියනවා. තවත් අය අලුතෙන් ආපු අය කියනවා. ඒ වගේම අපි දැක්කා එක පුද්ගලයෙක්ව මේ අය එළවලා දානවා මුදල් එකතු කළා කියලා.

දැන් මෙහෙම පාවාදෙන්නන් එළවමින්, අලුත් අය එකතු වෙමින්, චෝදනා කරමින් අරගලය තවමත් ගලාගෙන යනවා. අරගලකරුන්ට ජයග්‍රහණයක් විදියට පෙනුණු මහින්ද රාජපක්ෂගේ සමුගැනීමෙන් පසු රනිල් එනවා ආයෙත් අගමැති පුටුවට. ඔහු ආවට පස්සේ රනිල්ට විරුද්ධවත් එහෙන් මෙහෙන් කාරණා මතුවෙනවා. නෝ ඩීල් ගම කියලා එකකුත් පිහිටුවනවා. රනිල් කියනවා අරගලකරුවන්ට අවශ්‍ය පහසුකම් සියල්ල ලබාදෙන්න මම සූදානම් කියලා. රනිල් කියන්නේ රට කපටියෙක් බව අපි හැමෝම දන්නවා. මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා මිනිස්සු මරලා ප්‍රශ්න විසඳනවට වඩා රනිල්ගෙ තියෙන්නේ තියරිමය උපක්‍රම. ඔහුගේ ඒ උපක්‍රම 100%ක් සාර්ථකද කියන්න අපි දන්නෙ නෑ. කිසි කෙනෙක් අගමැතිකම භාර නොගත්ත වෙලාවෙ ඔහු අගමැති ධුරය භාරගන්නවා. සජිත් ප්‍රේමදාසට ආසයි බයයි ප්‍රතිපත්තියක් තියෙනවා කියලා සමහරු කිව්වා. ඒ වගේම අපේ රටේ ප්‍රධාන පෙළේ භික්ෂුන්වහන්සේලා රනිල්ට අගමැති ධුරය දීම සම්බන්ධයෙන් අකැමැති වෙනවා. කාදිනල්තුමා චෝදනා කරනවා.

දැන් ගෝල්ෆේස් අරගලයට මොකද වෙලා තියෙන්නේ? ගෝල්ෆේස් අරගලකරුවන් තමන්ගෙ අරගලය ආරම්භ කළේ රටේ තියෙන ගෙවල් දොරවල්වලට ගිනි තියන්න නෙවෙයි කියන එක අපට 100%ක් විශ්වාසයි. ඒ වගේම ගෝල්ෆේස් අරගලකරුවන් මේ අරගලය දියත් කළේ රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නද? අරගලකරුවන්ට ලැබුණු ජයග්‍රහණ මොනවද? ඔවුන්ගෙ ප්‍රධාන ඉල්ලීමක් තමයි මහින්ද රාජපක්ෂ ඇතුළු රාජක්ෂවරුන් වැරැදි නම් අත්අඩංගුවට ගැනීම. රාජපක්ෂවරු අත්අඩංගුවට ගැනීම අපි හිතන තරම් සුන්දර, පහසු කාර්යයක් නොවන බව අපි දන්නවා. ඒක ඕනෑම කෙනකුට පැහැදිලි කරගන්න පුළුවන් සත්‍යයක්. එහෙම අපි හිතන හිතන වෙලාවට රාජක්ෂවරු අත්අඩංගුවට ගන්න බෑ. ඔවුන් වැරැදි කරලා තියෙනවා නම්, අත්අඩංගුවට ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. නමුත් අපි දන්නවා බොහෝ විට පාලකයන් වැරැදි කරන්නේ ආරක්ෂා වීම සඳහා ලබාගත හැකි සියලු උපක්‍රම සහිතව. ඒ නිසා ඒගොල්ලො අද අත්අඩංගුවට අරගෙන හෙට දඬුවම් කරනවා කියන එක ලේසි වැඩක් නම් නෙවෙයි. එතකොට ගෝල්ෆේස් අරගලකරුවන්ගෙ ඉල්ලීම ඒක විතරක් නෙවෙයිනේ. තවත් ඉල්ලීම් විශාල ප්‍රමාණයක් තිබුණා. දැන් රටේ ප්‍රශ්න ටික විසඳිලා නම් ගෝල්ෆේස් අරගලකරුවන්, අරගලය නිමා කරලා නිවෙස්වලට යා යුතුය. එතකොට ප්‍රශ්නය ඉවරයි.

රනිල් වික්‍රමසිංහ අගමැති වීමත් එක්ක ගෝල්ෆේස් අරගලයෙ හිටපු යම් පිරිසක් එතැනින් ඉවත් වෙලා ගියා. ඒක සාධාරණද නැද්ද කියන එක ගැන දෙපැත්තටම කරුණු තියෙනවා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා මේ රට පාලනය කරපු කෙනෙක්. ඔහුගෙන් අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න අපට බැරිද, පුළුවන්ද කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව ඔහු ඉන්න කාලෙ නොකළ දේවල් ඇයි දැන් අපි කරයි කියලා හිතන්නේ? හැබැයි රනිල් කියනවා ඔහු හිටපු කාලෙ කන්න බොන්න තිබුණා, පෙට්‍රල් ටික තිබුණා කියලා. ඒකත් බොරුවක් නෙවෙයි. ඒ වගේම රනිල් දැන් මේ වෙලාවෙ බලාපොරොත්තු වෙනවා මේ සිස්ටම් එක වෙනස් කරලා අලුත් ක්‍රමයකට යන්න. ඒ වගේම 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් ඉඟියක් පළවෙලා තියෙනවා. ගෝල්ෆේස් අරගලකරුවන් බලාපොරොත්තු වුණේ මේකද? ගෝල්ෆේස් අරගලය එක්කො නිමාවිය යුතුයි. නැත්නම් ශක්තිමත් විය යුතුයි. ගෝල්ෆේස් අරගලය බලාපොරොත්තුව අවසන් වශයෙන් ඡන්දයක්, එහෙම නැත්නම් මහින්දලාව අත්අඩංගුවට ගැනීමද? මේ සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරපු යෝජනාවලියක් පහුගිය දවසක ඉදිරිපත් වුණා. හැබැයි ඔවුන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මුණගැහිලා සාකච්ඡා කරන්න හෝ ඔහුට යම් කිසි යෝජනාවලියක් ඉදිරිපත් කරන්න හෝ කටයුතු කළ බව අපි දන්නවා. ඔවුන් ඉදිරිපත් කරපු යෝජනාවලියට රනිල්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මොකක්ද කියන එක ලියුම්කරුට පැහැදිලි නෑ. සමහර විට ගෝල්ෆේස් අරගලකරුවන්ට පැහැදිලි ඇති. අපි අවසන් වශයෙන් බලාගෙන ඉන්නේ ගෝල්ෆේස් අරගලය අද යන්නේ කොයි පැත්තටද කියලා. ගෝල්ෆේස් අරගලයෙ අවසන් ඉලක්කය රනිල් අගමැති කිරීමද? එහෙම නැත්නම් මේ රට මේ තියෙන තත්ත්වයට පත්කිරීමද? ඇත්තටම මේ තියෙන තත්ත්වය කියලා කියන්නේ මොකක්ද? තාමත් ගෑස් නෑ. තාමත් තෙල් නෑ. දැන් තෙල් මිල ආයෙත් ඉහළ ගිහිල්ලා. 92 වෙනුවට 95 පෙට්‍රල් ලංකාවට එනවා හෝගාලා. මේ තත්ත්වයත් එක්ක රටට සතුටුවිය හැකි සුන්දර ප්‍රේමණීය අවස්ථාවක් ඇතිවෙලාද, ගෝල්ෆේස් ආදරයේ අරගලය ප්‍රේමයෙන් කෙළවර වෙන එක, වෛරයෙන් කෙළවර කරන්න උත්සාහ කරපු ත්‍රාඩ දේශපාලකයන්ගේ ජයග්‍රහණය මේ ගෝල්ෆේස් අරගලය අල කරලා දාන එකද කියලා අපිත් බලාගෙන ඉන්නවා. අරගලකරුවනි ඔබට ජය. ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වේවා. අරගලය සුළඟ හමනා දෙසට පමණක් ගමන් කරන දෙයක් නොවී, යූටියුබ්කරුවන්ගේ සන්දර්ශනවලට හසු නොවී, ෆේස්බුක් ලයිව් එකකින් අවසන් නොවී හැබෑ අරගලයක් වේ නම් අපිත් ඔබ සමග හිටගනිමු. ජය වේවා…

ජීවන පහන් තිළිණ

Share78Tweet49SendShare20
Previous Post

පක්ෂ මාරු කරන්න බෑ! ජාතික ලයිස්තුවෙන් එන කෙනෙකුට අගමැති වෙන්න බෑ! මෙන්න 21ට එන්න යන අලුත්ම යෝජනා! සම්මත වුණොත් රනිල් එළියේ! පැනපු එවුනුත් ගෙදර!

Next Post

යූඑන්පිය ශක්තිමත් කරන වැඩේ රනිල් වෙනුවෙන් ලන්සා බාරගනී! පොහොට්ටුවෙන් මන්ත්‍රීවරුන් ගෙන්න බරටම වැඩ!

MORE NEWS

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)
Exclusive

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!
Exclusive

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!
Exclusive

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!
Exclusive

වල් අලියකු‌ හැප්පී ජැක්සන් අන්තනී ගිය වාහනය චප්ප වෙයි! ජැක්සන් අනුරාධපුර ‌‌රෝහලට ඇතුළත් කරයි!

July 2, 2022
බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)
Exclusive

බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

July 2, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)
Exclusive

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පළවා හැරීම නිමිති කොටගෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත උයන...

Read more
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!

වල් අලියකු‌ හැප්පී ජැක්සන් අන්තනී ගිය වාහනය චප්ප වෙයි! ජැක්සන් අනුරාධපුර ‌‌රෝහලට ඇතුළත් කරයි!

July 2, 2022
බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

July 2, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net