මාලඹේ සිට කොටුව දක්වා කණු මත දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජපාන ජයිකා ආයතනයෙන් ඉවත් කිරීමෙන් පසු ආණ්ඩුව ආසියානු සංවර්ධන බැංකු හරහා සිදු කළ කැළනිවැලි දුම්රිය මාර්ග සංවාර්ධන ව්‍යාපෘතියද ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා විසින් ඉකුත් සැප්තැම්බර් 20 දාතමින් යුතුව ලිපියක් යොමු කරමින් දැනුම් දීමක් කොට ඇත.
ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාප භාර අධ්‍යක්ෂ රවි පෙරි මහතාද ඒ සම්බන්ධයෙන් කරුණු විමසමින් ආණ්ඩුව වෙත ලිපියක් යොමු කර ඇති බව දැනගන්නට තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව 2016 වසරේ සිට මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධව සිටි අතර විශාල මුදල් ප්‍රමාණයක්ද ඒ වෙනුවෙන් වැය කර ඇති බවක්ද දැනගන්නට ඇත.