ව්‍යවස්ථාව අනුව ලබන මාර්තුවේ ආණ්ඩුවක් පත් කරගැනීමේ අවස්ථාව තවත් මාස 6කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් 21 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බව මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා සදහන් කළේය.
සජබ ජවිපෙ අතුලු රටේ බහුතරයක් දෙනා පවතින ආණ්ඩුව වෙනස් කිරීම සදහා මැතිවරණයක් අවශ්‍ය බව අවධාරණය කරන පසුබිමක් යටතේ සෙනෙවිරත්න මන්ත්‍රීවරයා විසින් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම බොහෝ දෙනාගේ මවිතයට හේතු වී ඇති බව පැවසේ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජෝන් සෙනෙවිරත්න මහතාට ප්‍රධාන කරුණු අමතක වී තිබූ පසුබිමක චම්පික රණවක සහ අනුර යාපා යන මහත්වරුන් විසින් එම කරුණු ඔහුට වරින් වර සිහිපත් කර දීමය.
කෙසේවෙතත් ඇතැම් දේශපාලක විශේලේෂකයන් පෙන්වා දෙන්නේ ජන්දයෙන් පැරදී පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් ආ අගමැතිවරයාගේ පවා අවශ්‍යතාව වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය දීර්ඝ කර ගැනීම බවය.
මන්ද යත් ලබන මාර්තුව වනවිට මහමැතිවරණයක් ඉල්ලා විශාල ජනතා හඩක් ඉදිරිපත් වීමට නියමිත අතර එය යටපත් කිරීමේ අරමුණින් මෙම යෝජනාව ගෙනඑන බව ඔවුන්ගේ මතය වී තිබේ.