ඉන්ධන ලබාගැනීමට දහස් ගණනක් ජනතාව පෝලිමේ රැඳී සිටියදී එම පෝලිම පනිමින් හිටි හැටියේ පැමිණි කඩවත පොලිසියේ නිලධාරීන් පිරිසක් ඉන්ධන ලබාගන්නා බවට ජනතාව චෝදනා කරනවා.
එම අසාධාරණයට එරෙහිව හඬ නගන පුද්ගලයන්ට පොලිසිය පහරදී ඔවුන්ව රැගෙන යන බවත්, ජංගම දුරකතන උදුරාගන්නා බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.