• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

AEROFLOT අවුල විසඳන්න මෛත්‍රිපාලත් මැදිහත් වෙයි! ආයාචනයක් කරමින් පුටින්ට යවපු ලියුම මෙන්න!

June 7, 2022
in Exclusive
A A
AEROFLOT අවුල විසඳන්න මෛත්‍රිපාලත් මැදිහත් වෙයි! ආයාචනයක් කරමින් පුටින්ට යවපු ලියුම මෙන්න!
AEROFLOT ගුවන් යානය පිළිබඳ ගැටලුව කිසිසේත්ම රජය විසින් ගනු ලැබූ තීරණයක් නොව සම්පූර්ණයෙන්ම අධිකරණමය කාරණයක් ලෙස සලකන ලෙස තමන් ආයාචනය කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පූටින් මහතා වෙත ඊයේ ලිපියක් යවමින් පවසා තිබේ.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ, බලයේ සිටින රජයේ සාමාජිකයෙක් නොවූවත් තමන් එම ආයාචනය සිදු කරන බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපියේ සඳහන් කර ඇත්තේ මේ වනවිට දරුණු ඉන්ධන හිඟයකට, විදුලි කප්පාදුවලට සහ ඉදිරි මාස කිහිපය තුළ ආසන්න වශයෙන් පෙනෙන ආහාර අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණදී සිටින බැවින් විශ්වාසවන්ත මිතුරන්ගේ සියලු උපකාර සහ සහාය අවශ්‍ය වනු ඇති බවයි.

පැරණිතම හා සමීපතම මිතුරෙකු ලෙස රුසියාවේ උපකාරය අපට තීරණාත්මක වනු ඇතැයි එම ලිපියේ සඳහන් ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් ඉල්ලා ඇත්තේ, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව වෙත එරොෆ්ලොට් ගුවන් ගමන් අත්හිටුවීම පිළිබඳව නැවත සලකා බලන ලෙසයි.

එම ලිපිය පහත දැක්වේ.

අතිගරු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා,
රුසියානු සමූහාණ්ඩුව.

අතිගරු ජනාධිපතිතුමනි,

ඔබ සහ රුසියානු සමූහාණ්ඩුවේ ජනතාවට මුලින්ම මගේ ප්‍රශංසාව ඉදිරිපත් කිරීමට කරුණිකව අවසර ඉල්ලමි. අපේ ජාතීන් දෙකේ ජනතාව දශක ගණනාවක් පුරා දිවෙන මිත්‍රත්වයක් භුක්ති විඳිනවා. අපගේ මිත්‍රත්වය අන්‍යෝන්‍ය ගෞරවයක් මිස ගනුදෙනු ප්‍රතිලාභ මත පදනම් වූ එකක් නොවේ. 2009දී අවසන් වූ 30 වසරක සිවිල් යුද්ධයේදී රුසියාවෙන් කිසිදු අපේක්ෂාවක් සහ ලාභ ප්‍රයෝජනයක් නොමැතිව අප වෙත ලබාදුන් ශ්‍රේෂ්ඨ රුසියානු ජාතියේ උපකාරය සහ සහයෝගය ශ්‍රී ලංකාවේ ජනතාව නිතර නිතර සිහිපත් කරනු ඇත. අදටත් ශ්‍රී ලාංකිකයන් අතර අපි මෙම අතීතය මතක තබා අගය කරමි.

2015 සිට 2019 දක්වා මගේ ජනාධිපති ධුර කාලය තුළ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර විශේෂ බැඳීම තවදුරටත් ශක්තිමත් වූ බව මට මෙන්ම ඔබතුමාටත් මතකයේ ඇතැයි මා විශ්වාස කරමි. ඔබගේ ගෞරවනීය ආරාධනයෙන් මොස්කව් වෙත මගේ නිල සංචාරය තුළදී ද්විපාර්ශ්වික සහ බහු පාර්ශ්වික කරුණු රාශියක් සාකච්ඡා කරමින් මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කරගැනීමට හැකිවීම මා අගය කරන මතකයකි.

අවාසනාවකට මෙන්, කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කිරීමෙන් පසු AEROFLOT ගුවන් යානයක් ශ්‍රී ලංකාව තුළ ගොඩබෑමෙන් පසු රඳවා තබාගැනීම සම්බන්ධ මෑතකාලීන ඇතිවූ සිදුවීම අපගේ ජාතීන් දෙක සහ රජයන් අතර ඇති විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය තරමක් දුරට පළුදු කර ඇත.
එම වාරණ නියෝගයෙන් පසුව AEROFLOT ගුවන් යානා කොළඹට සිය ගුවන් ගමන් අත්හිටුවීමට ගත් තීරණයෙන් මාහට එම තත්වය තේරුම් ගත හැකිය. අවාසනාවකට මෙන්, මෙම අත්හිටුවීම අප රටට සංචාරකයන් අවශ්‍යම මොහොතක ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විනාශකාරී පහරක් වනු ඇත. එය පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් සහ COVID-19 වසංගතයෙන් යළි රට යථා තත්ත්වයට පත්වීමට පටන්ගත්තාත් සමගම සිදු වු අවාසනාවන්ත තත්වයකි.

අතිගරු ජනාධිපතිතුමනි, මේ මොහොතේ මම තවදුරටත් බලයේ සිටින රජයේ සාමාජිකයෙකු නොවූවද, මෙම ගැටලුව කිසිසේත්ම රජය විසින් ගත් තීරණයක් ලෙස නොව, සම්පූර්ණයෙන්ම අධිකරණමය කාරණයක් ලෙස සලකන ලෙස ඔබෙන් සහ රජයෙන් මා ආයාචනා කරමි. එය මෙරට අධිකරණය ඉදිරියේ ඇති ගැටලුවක් බැවින්, මෙම අවාසනාවන්ත සිදුවීම දෙරට මිත්‍රත්වය පලුදු නොවන්න නීත්‍යනුකූලව සහ සාමකාමීව විසඳීම සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යාංශය සියලු පහසුකම්‍ සොයමින් සිටින බව මට සහතිකයි. ඔබ දන්නා පරිදි, මගේ රට සහ ජනතාව නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිති.

අතිගරු ජනාධිපතිතුමනි, ඔබ දන්නා පරිදි, අප මේ වන විට දරුනු ඉන්ධන හිඟයකට, විදුලි කප්පාදුවලට සහ ඉදිරි මාස කිහිපය තුළ ආසන්න වශයෙන් පෙනෙන ආහාර අර්බුදයකට මුහුණ දී සිටිමු. එබැවින්, අපගේ විශ්වාසවන්ත මිතුරන්ගේ සියලු උපකාර සහ සහාය අපට අවශ්‍ය වනු ඇත.

අපගේ පැරණිතම සහ සමීපතම මිතුරෙකු ලෙස රුසියාවේ උපකාරය අපට තීරණාත්මක වනු ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව වෙත AEROFLOT ගුවන් ගමන් අත්හිටුවීම පිළිබඳව ඔබතුමා සහ ඔබේ රජය නැවත සලකා බලන ලෙසත්, අපගේ අඳුරුතම අවස්ථාවන්හිදී පවා ඔබට සහ රුසියාවට සැමදා මෙන් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන ලෙසත් මම ආයාචනා කරමි. ඉතිහාසය පුරාවට අප වෙත කළ උදව්‍ උපකාර වෙනුවෙන් ඔබට, ඔබේ රජයට සහ ජනතාවට මගේ ඉහළම ගෞරවය ලබාදීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෛත්‍රීපාල සිරිසේන
හයවන විධායක ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

Share67Tweet42SendShare17
Previous Post

රනිල් ඩොලරය 450ට යන බව කියද්දී ‌මහබැංකු අධිපති ‌ඩොලරය 300ට ගේන බවට සහතික වෙයි!

Next Post

මුදල් හුවමාරුකරුවන්ට මහබැංකුව තව සති 2ක් දෙයි! කතා කර ගත් විදිහට කළේ නැත්නම් ලයිසන් කැන්සල්!

MORE NEWS

සුමන්තිරනුයි කවිරත්නයි එක දවසින් පාර්ලිමේන්තුවේ ඩීල්කාරයෝ හෙළිකරපු හැටි රෙහාන් සුද්ද සිංහලෙන් කියයි! (VIDEO)
Exclusive

ජාති ආගම් පක්ෂ පාට බේද නැති ලංකාවේ ක්‍රිකට් අස්සට කැලණියේ නයි පෙන්නුවා ‌වගේ කහ පාට ෂර්ට් ගෙනල්ලා විනාශයක් කරන්න හැදුවෙ කව්ද? මෙන්න රෙහාන්ගෙ හෙළිදරව්ව! (VIDEO)

June 24, 2022
සජිත් ප්‍රහාරය අරඹයි! මම හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්! අවුරුදු 20ක් හම්බන්තොට කට්ට කාලා දේශපාලනය කරලයි මෙතනට ආවේ! මහබැංකුව කොල්ලකාපු හොරු රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියලා! දැන් මහබැංකු මහ හොරුන්ට පුලුවන්ද මේවා අල්ලන්න! අපි බලන් ඉමු! (VIDEO)
Exclusive

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

June 24, 2022
සංවේදී කාරණා නිසා ෆර්ඩිනැන්ඩෝ කෝප් එකට කියපු දේවල් අඩංගු වීඩියෝ එක එළියට දාන්නේ නැතිලු! මට ආරංචියි ලොකු මන්දිරවල දාපු ඩීල් මේකෙ තියෙනවා කිව්වා! ඒවා මිනිස්සු දැනගන්න ඕනේ! මේක යටගහන්න මම ඉඩදෙන්නේ නෑ! විපක්ෂනායක කෝප් එකට එරෙහිව යුද ප්‍රකාශ කරයි! (VIDEO)
Exclusive

නින්දිත පහත් විදිහට ක්‍රිකට් ජයග්‍රහණය පොහොට්ටුවේ කණ්ඩායමක් දේශපාලන ගේම් එකකට යොදාගන්නවා! කහ පාට ගේම් එකට විපක්ෂ නායකත් පහර දෙයි! (VIDEO)

June 24, 2022
ක්‍රිකට් අස්සෙ ගහන්න ගිය කහ මල් දේශපාලන ගේම පටන් ගත්ත හැටියේම පච වෙයි! පිපෙන්නෙ නැතිව පරවෙලාම යයි!
Exclusive

ක්‍රිකට් අස්සෙ ගහන්න ගිය කහ මල් දේශපාලන ගේම පටන් ගත්ත හැටියේම පච වෙයි! පිපෙන්නෙ නැතිව පරවෙලාම යයි!

June 24, 2022
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!
Exclusive

නැව එන දිනයක් කියන්න බෑ! වෙච්ච වැරැද්දට කංචන සමාව ඉල්ලයි! (VIDEO)

June 24, 2022
අලුත් එක්කෙනා ඊට හපන්! අපි තාමත් මහ පාරේ! පැලවත්තේ මහ පාරේ ඉඳන් මිනිස්සු කියන කතා! (VIDEO)
Exclusive

ගෑස් දෙන්න රනිල් පත් කරපු අලුත් සභාපති මුදිත පීරිස් දැන් කියනවා තව සති දෙකක් යනකම් ගෑස් එන්නෙ නෑලු! පෝලිමේ ඉන්නෙ නැතිව ගෙදර ඉන්නලු!

June 24, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජනතාව ආගමක් සේ සලකන ක්‍රිකට් ක්‍රීඩාව තුළට දේශපාලනය ගෙන ඒමට කිසියම්...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

සුමන්තිරනුයි කවිරත්නයි එක දවසින් පාර්ලිමේන්තුවේ ඩීල්කාරයෝ හෙළිකරපු හැටි රෙහාන් සුද්ද සිංහලෙන් කියයි! (VIDEO)

ජාති ආගම් පක්ෂ පාට බේද නැති ලංකාවේ ක්‍රිකට් අස්සට කැලණියේ නයි පෙන්නුවා ‌වගේ කහ පාට ෂර්ට් ගෙනල්ලා විනාශයක් කරන්න හැදුවෙ කව්ද? මෙන්න රෙහාන්ගෙ හෙළිදරව්ව! (VIDEO)

June 24, 2022
සජිත් ප්‍රහාරය අරඹයි! මම හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්! අවුරුදු 20ක් හම්බන්තොට කට්ට කාලා දේශපාලනය කරලයි මෙතනට ආවේ! මහබැංකුව කොල්ලකාපු හොරු රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියලා! දැන් මහබැංකු මහ හොරුන්ට පුලුවන්ද මේවා අල්ලන්න! අපි බලන් ඉමු! (VIDEO)

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

June 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net