මේ වසරේ සැප්තැම්බර් 20 වැනිදා සිට මාස හයක කාලයක් තුළ නීතියට අනුකූලව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වන බව නිලධාරියෙක් පැවසීය.
කොමිසමේ නිලධාරියෙක් පැවසුවේ පළාත් පාලන ආයතන වන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල නිල කාලය වසරකින් දීර්ඝ කර ඇති බවත්, ඒවායේ නව නිල කාලය ලබන වසරේ මාර්තු 20 වැනිදා ආරම්භ වන බවත්ය.
ඊට පෙර මාස හයක කාලසීමාව තුළ මෙම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්වීමට කොමිෂන් සභාවට බලය ඇති බව ඔහු පැවසීය.
“ඒ කියන්නේ අපි මේ වසරේ සැප්තැම්බර් 20 සහ 2023 මාර්තු 20 අතර දිනයක ඡන්දය පැවැත්විය යුතුයි,” ඔහු පැවසීය.
විෂයභාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට පෙර ප්‍රකාශ කළේ කුමක් සිදුවුවත් මැතිවරණය කල් නොදමන බවයි.
නුදුරේදීම මැතිවරණ නීතියට සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමට අමාත්‍යාංශය දැන් සැලසුම් කරමින් සිටී. පළාත් පාලන මැතිවරණය අවසන් වරට පැවැත්වුණේ 2018 වසරේදීය