• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

පෙම් සබධතා ගණනාවක්! කාමරයෙත් එක පෙම්වතෙක්! හීලෑ නැති පෙම් හිතට වහල් වී ගිනිගෙන ඇවිළුණු තරුණ ජීවිතයක්!

November 3, 2021
in Exclusive
A A
වත්තල පස්දරු මවක් කොරෝනාවට බයේ ගිනි තියාගෙන මරුට: කොරෝනා නැති බව පසුව හෙළිවෙයි

එදා හරියටම ඔක්තෝම්බර් 17 වැනිදා. මධ්‍යාහ්නය පසුවී ගතවුණේ විනාඩි කිහිපයක් විතරයි. අප මේ කියන්නට යන අනුවේදනීය කතාව අසන්නට ලැබුණේ මිනුවන්ගොඩ පොලිස් වසමේ විතානමුල්ල ප්‍රදේශයෙන්. 22 හැවිරිදි ඒල්.ටී. කල්පනි දිල්හාරා නමැති තරුණිය ප්‍රේම සම්බන්ධතාවයක් නිසා හටගත් සිත් තැවුලක් හේතුවෙන් සිරුරට ගිනි තබාගෙන තිබුණා. මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකළ මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් සුදත් නන්දසිරි (38098) මහතාගෙන් ‘මව්රට’ පුවත්පත විමසීමක් කළා. ඔහු ඒ පිළිබඳ අපට කිව්වේ මේ විදියට.

“දිල්හාරා නමැති තරුණිය අවුරුදු එකහමාරක පමණ සිට නාවල ප්‍රදේශයේ යකඩ බඩු ව්‍යාපාරයක් පවත්වාගෙන යන අවුරුදු 26ක පුද්ගලයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා. දිල්හාරා මීට පෙර රැකියාවක් කර එයින් ඉවත්ව සිටි තරුණියක්. ඇය මෙම තරුණයා සමග සම්බන්ධකම් පවත්වන අතරතුරු වෙනත් සම්බන්ධතාවන්ද පවත්වාගෙන ගොස් ඇත්තේ ඔහුට රහසින්.

දිල්හාරාගේ වර්තමාන පෙම්වතා නිතර ඇගේ ගෙදර ආ ගිය පුද්ගලයෙක්. ඔවුන් විවාහ නොවුණත් එකගෙයි ජීවත් වී තිබෙනවා. මේ අතරතුර දිල්හාරාගේ බාල සොහොයුරාගේ උපන්දිනය පසුගිය 14 වැනිදා සමරා ඇති අතර, එදින රාත්‍රියේ උපන්දින සාදය හමාර වීමෙන් අනතුරුව එම යුවළ පසුදා පහන් වනතුරු ඔවුන්ගේ කාමරයේ ගතකර තිබෙනවා.

උපන්දින සාදය පැවැති රාත්‍රියේදී දිල්හාරාගේ පෙම්වතා එහි සිටියදීම ඇයට විටෙන් විට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලැබී තිබුණා. දිල්හාරාගේ පෙම්වතාට ඒ පිළිබඳ මතුව තිබුණේ බලවත් සැකයක්. ඔහු ඒ ගැන දිල්හාරාගෙන් විමසීම් කළද ඇය විවිධ බොරු පවසමින් ඔහුගෙන් ගැළවෙන්නට වුණා. එම බහින්බස් වීම අවසන් වී ඇත්තේ දෙදෙනා අතර ඇතිවූ රණ්ඩුවකින් වන අතර, අනතුරුව තරුණයා නිවෙසින් පිටව ගොස් තිබුණා.

කෙසේ වෙතත් දිල්හාරා පසුදා පෙම්වතා සොයා ගියේ ඔහුට කරුණු පැහැදිලි කරදී සිද්ධිය සමථයකට පත්කර ගැනීමේ අදහසිනි. ඒ අදහස සාර්ථක වී ඇති අතර, පසුව දෙදෙනාම නැවත නිවෙසට පැමිණ පෙර පරිදි කාලය ගතකරන්නට වුණා. එසේ වුවද දිල්හාරාගේ හැසිරීම් රටාව පිළිබඳ පෙම්වතාට මොහොතින් මොහොත සැක මතුවන්නට පටන්ගෙන තිබුණා. පෙම්වතාත් සිය සැකය ගැන දිල්හාරාගෙන් විමසීම් කරන්නට වුණා. පසුව දෙදෙනා එම ගැටලුව පිළිබඳ කතාබහ කර විසඳා ගැනීමේ අදහසින් නිවෙසේ ගරාජයට ගොස් තිබෙනවා. එසේ බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය ඔවුන්ගේ කතාබහ අතරතුර දිල්හාරා සිය රහස් සම්බන්ධතාවන් ගැන මෙතෙක් සැඟවූ සියලු තොරතුරු පෙම්වතා ඉදිරියේ දිගහරින්නට වුණා.

දිල්හාරාගේ සැබෑ තතු දැනගැනීමෙන් ඔහු දැඩි මානසික පීඩාවකට පත්ව ඇති අතර, දිල්හාරා සමග ඇති සම්බන්ධය නතර කර දමන්නට ඔහු ඒ සමගම තීරණය කර තිබෙනවා.

පසුව ඔහු දිල්හාරාගේ මව සොයා ගොස් දිල්හාරාගේ සැබෑ තත්ත්වය ඇය සමග පවසන්නට වුණා. එසේ පවසා ඔහු එම නිවෙසින් පිටව ගොස් ඇත්තේ යළි කිසිදා එහි නොඑන බවට අදිටන් කරගනිමින්.

ප්‍රශ්න රැසකට මැදිවූ දිල්හාරා සිය සත්‍ය කතාව පෙම්වතාට කියා සිටියේ ඔහුගෙන් සහනයක් ලැබේවි යන අදහස් වන්නට හැකිය. එසේ නමුත් සිදුවූයේ ඇය සිතූ දේ නොව, පෙම්වතා වෙන්ව යන්නට තීරණය කිරීමයි. මේ අනපේක්ෂිත මානසික පීඩනය පිළිබඳ තැවුලට පත් දිල්හාරා සිය ජීවිතය විනාශ කරගන්නට තීරණය ගන්නේ ඒ සමගමයි.
ගරාජයේ සිටි දිල්හාරා කෑගසන හඬට ඇගේ මව ඇතුළු පිරිස එහි දිව එන්නට වුණා. සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනිතබාගෙන සිටි දිල්හාරාගේ සිරුර ඒ වන විටත් දැඩි ලෙස පිලිස්සී තිබුණා. පිරිස එක්ව දිල්හාරාව කඩිනමින් දිවුලපිටිය රෝහලට රැගෙන ගොස් තිබුණා. ඇගේ තත්ත්වය අවදානම් වීම නිසා ඇයව ගම්පහ රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් කටයුතු කළා. කෙසේ වෙතත් අවසානයේ එදින රාත්‍රී 8ට පමණ දිල්හාරා මෙලොවින් සමුගත්තා.”

දිල්හාරාගේ මේ ඛේදනීය පුවතින් සමාජයට උගත හැකි පාඩම් බොහෝයි. ඇය දෑස් පියාගත්තේ තරුණ දියණිවරුන්ට සහා තරුණ දූදරුවන් සිටිනා මවුපියන්ට වටිනා පාඩමක් කියා දෙමින්. තරුණ දියණිවරු සිටිනා මවුපියන් තම දරුවන් පිළිබඳ මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. නිතරම දරුවන් පිළිබඳ සොයා බැලිය යුතුයි. එසේ නොවුණහොත්, ජීවිතය පිළිබඳ අත්දැකීම් අඩු එම දරුවන් මෙලෙස සියදිවි නසාගැනීමට පෙලඹීමට ඇති ඉඩකඩ බොහෝ තිබෙනවා. තරුණ දූදරුවන්ට මීට වඩා පුළුල් ලෙස, බුද්ධිමත් ලෙස ජීවිතයට මුහුණ දිය යුතුයි. ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම, අනියම් සබඳතා නිසා ඇතිවන ගැටලු හේතුවෙන් ජීවිතයට මුහුණ දීමට නොහැකිව ජීවිතයෙන් සමුගැනීමට තීරණය කිරීම වත්මන් සමාජයේ රැල්ලක් බවට පත්ව තිබෙනවා. එය කෙතරම් බොළඳ ක්‍රියාවක්ද යන්න ඒ පිළිබඳ ගැඹුරින් විමසාබැලීමේදී පැහැදිලි වන කරුණක්.

බොහෝ විට මෙවැනි සියදිවි නසාගැනීම්වලට බලපානු ලබන්නේ මානසික ආතතිය තුළ සිදුවන වෙනස්වීම් දරාගැනීමට නොහැකිවීමයි. එම තත්ත්වය නිසා තරුණ පරම්පරාව මානසික රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බව සමීක්ෂණවලින් හෙළිව තිබෙනවා.

දුර්ලභව ලැබූ මිනිසත් භවය මෙවැනි ජීවන ගැටලු හමුවේ විනාශ කරගැනීම ඉතා අමනෝඥ ක්‍රියාවක්. ජීවිතය ඉදිරියට එන කිනම් අභියෝගයක් හමුවේ වුවත් පලා නොයන්නට තරම් ආත්ම ශක්තියක් අප හැම තුළම ගොඩනගාගත යුතුයි. එසේ නොවුණහොත් ජීවිතයට මුහුණ දීමට නොහැකිව ප්‍රශ්නවලින් පලායන, සියදිවි නසාගන්නා තරුණ ජීවිත ගණන දිනෙන් දින ඉහළ යනු ඇති.

(මෙම මරණය පිළිබඳ විමර්ශන කටයුතු සිදු කළේ මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති රොහාන් මහේෂ්, නිශේන්ද්‍ර පතිරාජ, සුසන්ත (55474) සහ සුදත් නන්දසිරි (38098) යන මහත්වරුන් විසින්. පශ්චාත් මරණ පරීක්ෂණය මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නිරෝෂිකා ලියනාරච්චි මෙනෙවිය විසින් සිදුකරනු ලැබුවාය.)

Share72Tweet45SendShare18
Previous Post

ඥානසාර හිමිගේ බළකායට නීතීඥ සංගමයත් බාල්දියක් පෙරළයි!

Next Post

සජිත්ට එරෙහිව කුමන්ත්‍රණය කරන සර්පයා ගැන කතාව දිග්ගැස්සෙයි! සර්පයෝ දමනය කරන හැටි පෙන්නන්න සජිත් ලෑස්ති වෙයි! (VIDEO)

MORE NEWS

හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)
Exclusive

හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

June 28, 2022
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුව ETI ඇතුලු මූල්‍ය ආයතන 5ක ලයිසන් කැන්සල් කරයි! ඈවර කරන්නත් තීන්දුවක් ගනී!

June 28, 2022
රනිල්ගේ අගමැති ප්ලාන්ට් එක! හතරවතාවක් අගමැති වෙලා කරපු දේ ගැන, මහ බැංකු කොල්ලය ගැන, මරික්කාර් හැංගි හැංගි නැතිව එලිපිට උත්තර දෙයි!
Exclusive

ගෑස් අර්බූදයක් හදලා හදිසි මිලදී ගැනීම් කියලා මහා ගැහිල්ලක් ගහලා! මෙන්න ගණන් මිනුම් එක්ක දින වකාවානු එක්ක ගහපු ගැහිල්ල මරික්කාර් රටටම හෙළිකරයි! (VIDEO)

June 28, 2022
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)
Exclusive

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)
Exclusive

රන්ජන් ‌ෆේස්බුක් එකෙන් හරීන්ට කන පැලෙන්නම ගහයි! (VIDEO)

June 28, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවත් කාන්තාවන් කිහිප...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුව ETI ඇතුලු මූල්‍ය ආයතන 5ක ලයිසන් කැන්සල් කරයි! ඈවර කරන්නත් තීන්දුවක් ගනී!

June 28, 2022
රනිල්ගේ අගමැති ප්ලාන්ට් එක! හතරවතාවක් අගමැති වෙලා කරපු දේ ගැන, මහ බැංකු කොල්ලය ගැන, මරික්කාර් හැංගි හැංගි නැතිව එලිපිට උත්තර දෙයි!

ගෑස් අර්බූදයක් හදලා හදිසි මිලදී ගැනීම් කියලා මහා ගැහිල්ලක් ගහලා! මෙන්න ගණන් මිනුම් එක්ක දින වකාවානු එක්ක ගහපු ගැහිල්ල මරික්කාර් රටටම හෙළිකරයි! (VIDEO)

June 28, 2022
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)

රන්ජන් ‌ෆේස්බුක් එකෙන් හරීන්ට කන පැලෙන්නම ගහයි! (VIDEO)

June 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

June 28, 2022
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුව ETI ඇතුලු මූල්‍ය ආයතන 5ක ලයිසන් කැන්සල් කරයි! ඈවර කරන්නත් තීන්දුවක් ගනී!

June 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net