අද (22) දහවල් 12.30ට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබූ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීම කල් දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව හෙට පස්වරු 4ට අරලිය ගහ මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බව පක්ෂ නායකයන්ට දැනුම් දීමට අගමැති කාර්යාලය පියවර ගෙන ඇත.
යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් දැනට මතුව ඇති අර්බූදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා පක්ෂ නායකයන් විසින් කර ඇති ඉල්ලීමකට අනුව මෙම රැස්වීම පැවැත්වීමට අගමැතිවරයා පියවර ගෙන තිබිණ.