සහල් ආනයනය නොකරන බව සහ සහල් ආනයනය කරන්නේ නම් තම ඇමැතිකම අතහැර යන බව කෘෂිකර්ම අමාත්‍යවරයා මුලීන් කියා සිටියත් දැන් අමාත්‍යවරයාගේත් රෙදි ගලවා ආණ්ඩුව සහල් ආනයනය කිරීමට තීන්දු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව ගැසට් රිවස් කිරීමේ සෙල්ලම යළි ආරම්භ කොට ඇති බවත්, ආණ්ඩූවේ කශේරුකාවේ ඇට අඩුවී ඇති බවත් සහල් ගැසට්ටුවද දැන් රිවස් කොට ඇති බවත්ය.
මෙය ආණ්ඩුවක් නොව පාණ්ඩුවක් බවද මන්ත්‍රීවරයා කීය.