ශිරාස් යුනුස් මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිදු තනතුරක් ලබා දී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශිරාස් යුනුස් මහතා අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු නොකරන අතර, එවැනි තනතුරක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ලබා දී නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ශිරාස් යුනුස් මහතා, අග්‍රාමාත්‍යවරයාගේ මුස්ලිම් කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන බව පවසමින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ද එම නිවේදනයෙන් දන්වා තිබේ.
එසේම, ඔහු හට කිසිදු ආකාරයේ තනතුරක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ලබා දී නොමැති බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
ඔහුගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පුද්ගලික වන අතර වත්මන් අග්‍රාමාත්‍යවරයා හෝ අග්‍රාමාත්‍ය කාර්යාලය එම අදහස් අනුමත නොකරන බවද වැඩිදුරටත් එම නිවේදනයෙන් දන්වා තිබේ.