අද ප්‍රකාශයට පත්වූ මල්වානේ නඩු තීන්දුව පිටු 100කින් සමන්විතව ඇති බව වාර්තා වේ.
එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පැය දෙකකුත් විනාඩි 15ක් ගතවී ඇති බව දැනගන්නට ඇත.
එහිදී නඩුවේ විත්තිකරුවන් වූ බැසිල් රාජපක්ෂ මහතාට හට ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටි අතර තිරුකුමාර් නඩේසන් මහතා වෙනුවෙන් පෙනී සිටියේ නීතීඥ සංගමයේ සභාපතිවරයා වූ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාය.