පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිතව සිටින කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා තමන් මෙතෙක් දැරූ සියලු සමාගම් සභාපති ධුරවලින් සහ අධ්‍යක්ෂ මණ්ඩල ධුරවලින් ඉවත් වීමට පියවර ගෙන ඇත.
ආණ්ඩුව සමග ව්‍යාපාර ගනුදෙනු කරන තැනැත්තකුට මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට යම් යම් පාර්ශ්වවලින් ඉදිරිපත් වූ නීතිමය තර්ක හේතුකොට ගෙන ධම්මික පෙරේරා මහතා මෙසේ සියලු තනතුරුවලින් ඉවත් වී ඇති බව වාර්තා වේ.
මීට අමතරව සිය නමට පැවැති විදුලි ව්‍යාපෘති දෙකක හිමිකාරීත්වයද ඒ මහතා විසින් සිය දරුවන්ගේ නමට පවරා ඇති බවද දැනගන්නට ඇත.