ඉදිරි වසරක කාලය තුළ ඇමැතිවරු සිය ඇමැති වැටුප වූ රුපියල් 65,000ක මුදල ලබා නොගන්නා බවට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කෙසේවෙතත් ඇමැතිවරු ලබන දීමනා සම්බන්ධයෙන් අමාත්‍යවරයා කිසිවක් කියා සිටියේ නැත.
ඒ අනුව අමාත්‍යවරයකුට ඉන්ධන ලීටර 750ක දීමනාවක් හිමිය. නිල නිවාස හිමිය. නිල රථ 3ක් හිමිය. 15ක කාර්ය මණ්ඩලයක් හිමිය. 40,000ක දුරකතන දීමනාවක් හිමිය. 87,000ක මුදදර දීමනාවක් හිමිය. 54,285ක මන්ත්‍රී වැටුපක් හිමිය.