“අයිතිකර ගන්නවාට වඩා අත්හැර දැමීම සැපයකි “
මා අබියස මේ වැඩසිටින්නේ මෙදවස කොළඹ ධම්මසාර හාමුදුරුවො..
එදවස සුදම් ප්‍රනාන්දු..
තව දුරටත් කියනවානම් කොලඹ නාලන්දා විද්‍යාලයේ 1993 අවුරුද්දෙ ක්‍රිකට් කැප්ටන්..
ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ පළමු තරගයේදීම ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා..
නාලන්දාවට සමස්ත ලංකා පාසැල් ක්‍රිකට් ශූරතාව හිමිකර දුන් කණ්ඩායම් නායකයා..
අධ්‍ය්‍යාපන ක්ෂේත්‍රයෙන් සහ ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් වැඩිම දක්ෂතා දක්වා 1993දී නාලන්දාවේ අතිදක්ෂතමයා ලෙසින් සම්මානය ලැබූ දීප්තිමත් සිසුවා..
එංගලන්තයේදී උසස් අධ්‍යාපනය ලබා කැනඩාවේ සුඛෝපභෝගී දිවියක් ගත කළ සුන්දර තරුණයා..
අට වසරක පළමු පෙම ජීවිතේ එකම ප්‍රේමය බවට පත්කර ගත් ආදරණීය සැමියා..
ලැබූ ජයග්‍රහණ හමුවේවත්,හිමිවූ සැප සම්පත් හමුවේවත් “සැබෑ ජීවන සුවය” හමු නොවූ කල.. දයාබර බිරිඳගේ උතුම් ආශිර්වාදය හමුවේ මීට සය වසරකට පෙර ලොව්තුරු මග සොයා විත් අද ජීවිතයේ අරුත මැනවින් අත් විඳින ගෞරවණීය ස්වාමින් වහන්සේ…
ජීවිතයේ සැබෑ සුවය හිමිවන්නේ අයිතිකරගැනීම් හමුවේ නොව අත්හැර දැමීම් හමුවේ බව අපට පසක් කරදෙයි..
