ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ඊයේ (26) හිමිවිය.
පාර්ලිමේන්තු සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස්විය.
මීට පෙර මුදල් මණ්ඩලයේ කටයුතු කළ කෝටිපති ව්‍යාපාරික සමන්ත කුමාරසිංහ මහතාට එල්ල වී තිබූ බරපතළ චෝදනා හමුවේ ඒ මහතා ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
කෝප් කමිටුවේදී ඒ මහතාට බරපතළ චෝදනා රැසක් එල්ල වූ අතර ඔහු ඉන් ඉවත් කළද ඒ පිළිබද විශේෂ විමර්ශනයක් දියත් කිරීමට මේ වනවිට සැලසුම් වී ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම ලබන සතියේ මව්රට පුවත්පත ඔස්සේ ඔහු පිළිබදවත්, ඔහු වටා සිටි දේශපාලන සහ ව්‍යාපාරක මිතුරන් පිළිබදවත් විශේෂ හෙළිදරව්වක් කිරීමටද අප සූදානම්ය.
