මින් ඉදිරියට මේ රටේ පොදු අපේක්ෂකයෝ බිහි නොවන බවත්, ඊළග ජනාධිපතිවරණයේදී රටේම පොදු අපේක්ෂාව බවට සජිත් ප්‍රේමදාස මහතා පත් වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.
ඒ සදහා සියලු බලවේග මේ වනවිට එක්රැස් කරමින් සිටින බව කී පතිරණ මහතා සමගි ජන බලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සදහා කැපවී කටයුතු කරන බව කීය.
ඒ සදහා කාලසටහනක් සමග පක්ෂය ඉදිරියට යන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
සජිත් ප්‍රේමදාස මහතා පණ මදි, රූකඩයක්, තවම බෑ, පක්ෂය ඇතුළේ ප්‍රශ්න යනුවෙන් මාධ්‍ය හරහා කියන්නේ ගෝත්‍රවාදී, අලකලංචි දේශපාලන නෂ්ටාවශේෂ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.