දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ඊට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවය.
මේ අතර මීට දින කිහිපයකට පෙර ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් වාර්තා විය.
ඊට හේතු වී තිබුණේ කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ බිඳ වැටීමකි.
මේ අතර විදුලි ඉංජිනේරුවන් පසුගියදා පැවසුවේ ඔවුන් සවස 4.15න් පසුව සිදුවන විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකරන බවය.
මේ අතර අප කළ විමසීම්වලදී රත්නපුර,කොළඹ, ගම්පහ, බදුල්ල, නුවර, අනුරාධපුර, ගම්පොළ ආදී ප්‍රදේශවලට මේ වනවිට විදුලිය විසන්දි වී ඇති බවය.