ඉන්දිය ණය ආධාර යටතේ ලබා ගැනීමට අපේක්ෂිත අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදල සම්බන්ධයෙන් මෙතෙක් නිෂ්චිතව තීරණයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඔහු කියා සිටියේ එම ණය පහසුකම යටතේ ඉන්ධන ලැබෙන දිනයක් ද ප්‍රකාශ කර නොමැති බවයි.
කෙසේවෙතත් අදාළ මුදල ලැබුණහොත් එම අමෙරිකානු ඩොලර් මිලියන 500 යටතේ ඉදිරි මාස 04 ක ඉන්ධන අවශ්‍යතාව සපුරා ගැනීමට හැකි බව ඔහු කියා සිටියා.
එම මුදලින් ඩීසල් සහ පෙට්‍රල් පමණක් මෙරටට ගෙන්වීමට අපේක්ෂා කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.