තෙල් ගෑස් අර්බුදයට විසඳුම පෝලිම්වල සිටිමින් ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීම නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ ගජ මිතුරන් කිහිප දෙනකු එක්ව මෙම පෝලිම් යුගය නිර්මාණය කර ඇති බවත්, ඔවුන්ට ලැබෙන අධික ලාභය හේතුවෙන් ජනතාවට අඩු මිලට ගෑස් සහ ඉන්ධන ලබාදීම වළක්වා ඇති බවයි.