අරගල භූමියේ සිටින කිසිවකුත් ජනාධිපතිවරයා මුණගැසීමට ජනාධිපති මන්දිරයට ගොස් නොමැති බව අරගලයේ සැබෑ නියෝජිතයෝ සදහන් කර සිටියහ.
අරගලය සිදු කරන්නේ ගෝඨා ගෙදර යැවීමට බවත්, එවැනි පිරිස් සමග සාකච්ජා කිරීමට තරම් මන්ද මානසිකත්වයක් තමන්ට නොමැති බවත් ඔව්හු පැවසූහ.
කෙසේවෙතත් ඊයේ දිනයේදී ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කෙරුණු නිවේදනයක සදහන් වූයේ අරගලකරුවන් පැමිණ යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත බාර දුන් බවකි.
ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය
ජාතික ප්‍රතිපත්තියක් උදෙසා වූ වෘත්තීයවේදීන්ගේ එකමුතුව, අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීන් සහ තරුණ කණ්ඩායමක් වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය විසඳුමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් සංක්ෂිප්ත යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙයි.
යෝජනාවලිය භාර දීම අද (01) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී සිදු විය.
පවතින දේශපාලන, සමාජීය සහ ආර්ථික අර්බුදයට කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව ගත යුතු ක්‍රියාමාර්ග සහ ජනතා හිතකාමී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.
මූලික කරුණු 11ක් සහිතව ඉදිරිපත් කෙරුණු යෝජනාවලිය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපය ඇතුළත මීළඟ සාකච්ඡාව පැවැත්වීමට එකඟතාව පළ කෙරිණ.
රට ගොඩනැඟීම සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක් සූදානම් බව සඳහන් කෙරුණු අතර එම පිරිසේ සාධනීය සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය සහ සම්පත් ලබා දීමට තමා සූදානම් බව ජනාධිපතිතුමා පැවසීය.
සියලු අමාත්‍යාංශ වෙත නිශ්චිත ඉලක්කයන් සහිත සංවර්ධන වැඩපිළිවෙළක් වාර්ෂිකව ලබා දීමටත් එම ඉලක්කයන්හි ප්‍රගතිය ත්‍රෛමාසිකව විමර්ශනයට පියවර ගත යුතු බවත් වෘත්තීයවේදීහු පෙන්වා දුන්හ.
වසර අවසානයේ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වන අමාත්‍යවරුන් සහ නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාව එම යෝජනාවට ඇතුළත් වී තිබේ.
මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර, ශාස්ත්‍රපති පූජ්‍ය විටියල කවිධජ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික ප්‍රතිපත්තියක් සඳහා වූ වෘත්තීය එකමුතුව නියෝජනය කරමින් වෛද්‍ය අසෝක ජයසේන, නීතිවේදී නෙලුම් වේරගොඩ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවට අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීන් හා තරුණ කණ්ඩායමක් එක් ව සිටියහ.
අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.