විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා මෙරට රුසියානු තානාපති යූූරි මැටේරි මහතා අතර විශේෂ හමුවක් සිදුවිය.
මෙම හමුවට දේශීය සංචාරක නියෝජිතයෝද එක්ව සිටියහ.
විශේෂයෙන්ම රුසියානු සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡාවට ගැනුණු අතර ඒ පිළිබඳ සුභවාදී ආකල්පයක් ගොඩනගා ගත හැකි විය.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ අතර අද ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසා රුසියාවේ සහයෝගය අවශ්‍ය බවද එහිදී අවධාරණය කරනු ලැබීය.