ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා රටේ සියලුම කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමට කටයුතු කරන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එවකදී ප්‍රතිවාදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවය විසින් ප්‍රේමදාස මහතා උපහාසයටත් අපහාසයටත් ලක් කිරීමට පියවර ගත්හ.
විශේෂයෙන් සංජීවනී වීරසිංහ, බන්දු සමරසිංහ වැනි කලාකරුවන් ප්‍රසිද්ධ වේදිකාවේ සජිත් ප්‍රේමදාස අපහාසයට ලක් කළහ.
පෑඩ් මෑන් යනුවෙන් නමක්ද සජිත්ට පටබැන්දාහ.
නමුත් සජිත් ඒ කිසිවකින් නොසැලී තමන් එදා දුන් පොරොන්දුව ඉටු කිරීම වෙනුවෙන් දිගින් දිගටම සටන් කළේය.
ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවේදී ඒ පිළිබද මතක් කළේය.
මුලින් කොතරම් අපහාසයට ලක් කළත් පසුගිය සතියේදී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවේදී සජිත් මුලින්ම ගෙනා මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ප්‍රකාශ කළේය.
පළමු අදියරේදී පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබා දෙන බව හෙතෙම සදහන් කළේය.
ඒ අනුව එදා සජිත් කළ යෝජනාව අද ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමකි.