පාකිස්තානයේ සියාල්කෝට් හිදී ශ්‍රී ලාංකික කළමණාකරුවෙක් වන ප්‍රියන්ත කුමාර ගේ ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව පළමුවරට එක් සැකකරුවෙකුට එරෙහිව එරට ත්‍රස්ත මර්දන අධිකරණයෙන් (ATC) විසින් අද දිනයේදී දඬුවම් නියම කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව පැවති නඩු විභාගයට අනුව විනිසුරුවරයා අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් චුදීතයා වරදකරු කළ අතර ඔහුට වසරක සිරදඬුවමක් සහ රුපියල් 10,000 ක දඩයක් ද නියම කර තිබේ.
අද්නාන් නමැති මෙම සැකකරු සියල්කොට් කම්හලේදී ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ සාධාරණීකරණය කළ අතර පසුව අධිකරණය හමුවේ තමා කළ අපරාධය පාපොච්චාරණය කර ඇත.
අපරාධයකට සහයෝගී වීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව සියල්කොට්හි රාංග්පුර් පොලිස් ස්ථානය විසින් මෙම නඩුවක් ගොනු කර ඇත.