පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහරදී පුළුස්සා මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 100දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර සිද්ධිය පිළිබඳව අද (04) පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරමින් සභානායක අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලාංකිකයාගේ ඝාතනය රජය හෙළා දකින බවය.
පාකිස්තානයේ සියල්කොට් දිස්ත්‍රික්කයේදී මෙලෙස ඝාතනයට ලක්වූයේ එහි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයෙකි.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉස්ලාමයේ නබි මුහම්මද්තුමාගේ නම සහිත පෝස්ටර් අපකීර්තියට පත් කළ බවට කර්මාන්තශාලා සේවකයින් කළ චෝදනාවක් මුල්කරගෙන ඔහු මරා දමා ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රියන්ත කුමාර නමැති ගණේමුල්ල, පොකුණ හන්දිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ ශ්‍රී ලාංකිකයෙකු පුළුස්සා මරාදැමීමේ සිද්ධිය පාකිස්තානයට ලැජ්ජාව ගෙනදුන් දිනයක් බවත් සිද්ධියට වගකිව යුත්තන්ට නීතියෙන් දැඩි දඬුවම් ලබාදෙන බවත්ය.