විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් සිදුවන තර්ජන ගර්ජන සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.
ඒ අනුව අදාළ සිදුවීම පිළිබදව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය ඇතුලු ආයතන ගණනාවක් දැනුවත් කිරීමට එම පක්ෂය පියවර ගෙන ඇති බව පැවසේ.
ආණ්ඩු පක්ෂයේ තර්ජන හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා මේ වනවිට සමගි ජන බලවේගය අයවැය විවාදය වර්ජනය කිරීමටද පියවර ගෙන ඇත.