උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ රට හැර යන තරුණ පිරිස දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.
එලෙස විදෙස්ගත වීමට ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගෙන් එම ආයතනය පිරී ඉතිරී ගොස් ඇති අයුරු දැකගත හැකියි.
දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණෙන තරුණ තරුණියන්ට දිගු පෝලිම්වල දින ගණනාවක් තිස්සේ රැඳි සිටීමට සිදුව ඇති අතර, එලෙස තම කාලය සහ මුදල් නාස්ති කරමින් මහ මඟ ගතකිරීමට සිදුවීම පිළිබඳ ඔවුන් ඉතා ආවේගශීලීව අදහස් පළකරනු දැකගත හැකියි.