ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටියදී පොලිසියෙන් සිදුවූ අසාධාරණයට එරෙහිව එහි සිටි ජනතාව හඬ නගන අයුරු අද දැකගන්නට ලැබුණා.
එක්තරා පිරවුම්හලක පැය ගණනාවක් තිස්සේ ඉන්ධන ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි පිරිස පසෙකට දමා පොලිසිය සිය රථවලට ඉන්ධන ලබාගැනීමට එරෙහිව එම පිරිස සිය විරෝධය පළ කළේ මේ අයුරිනි.