ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාවක් හෙට (24) පෙරවරුවේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඔක්ටේන් 92 පෙට්‍රල් රැගත් එම නෞකාව අද (23) පෙරවරුවේ පැමිණීමට නියමිතව තිබුණ ද එය දිනයක් ප්‍රමාද වූ බවත් අද සහ හෙට දිවයින පුරා පෙට්‍රල් සහ සුපර් ඩීසල් සීමිත ප්‍රමාණයක් බෙදාහැරිය ද ඔටෝ ඩීසල් සම්පූර්ණ ධාරිතාවයෙන් බෙදාහරින බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් කීය.