පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මීට මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේ ආරම්භ වී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් රැස්වීම ආරම්භ වී සුලු මොහෙතකින් අගමැතිවරයා ඉන් පිටව ගොස් ඇති බව දැනගන්නට ඇත.
එහිදී පොහොට්ටුවේ මන්ත්‍රී අකිල එල්ලාවල මහතා වික්‍රමසිංහ මහතාගේ පිටවීමට විරෝධය පළ කරමින් කියා ඇත්තේ ‘එයා මේ රැස්වීමේ ඉන්න ඕනී. ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනී…’ යනුවෙනි.
මෙම රැස්වීමට මන්ත්‍රීවරුන් 80කට ආසන්න පිරිසක් සහභාගී වී සිටින බව දැනගන්නට ඇත.